English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
රිෂාඩ් හිටපු හමුදාපතිට බලපෑම් කිරීම ගැන පරීක්ෂණ අරඹයි!
(2020-01-13)

<< Go Back
Share |   


පාස්කු ප්‍රහාරයෙන් පසු හමුදාව විසින් දෙහිවලදී අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදී සැකකරුවකු සම්බන්ධයෙන් එවකට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අවස්ථා දෙකකදී හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතාට ඇමැතුම් ලබා දී බලපෑම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින   ත්‍රස්තවාදී සැකකරුවකු  සම්බන්ධයෙන් දුරකතන ඇමැතුම් ලබා දෙමින්   රිෂාඩ් බදියුදීන් මහතා  රජයේ  නිලධාරියෙකුට බලපෑම් කළේද  යන්න පිළිබඳව කරුණු සොයා බලා පරීක්ෂණයක් සිදුකරන ලෙසට  ඉල්ලා සත්‍ය ගවේශකයෝ සංවිධානය විසින්   එවකට පොලිස් මූලස්ථානයට කළ  පැමිණිල්ලක් අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

හිටපු හමුදාපති  මහේෂ් සේනානායක මහතා එම වකවානුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ  අමාත්‍යවරයා එම දුරකතනයෙන් පුද්ගලයෙක් නමක් කියා තොරතුරු විමසූ බවත්  ඔහු සම්බන්ධයෙන් මා හට කුමක් කළ හැකිදැයි විමසා සිටි බවත්ය.

දෙහිවලදී  එවැනි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් ඔහු සම්බන්ධයෙන් වසර 1 1/2  කට පසු  තොරතුරු විමසන  ලෙසත් දැනුම් දුන් බව හිටපු හමුදාපතිවරයා  එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවසීය.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.