English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
M.C.C කබරගොයා අද තලගොයා වෙලා - සජිත් ප්‍රේමදාස පවසයි.
(2020-01-13)

<< Go Back
Share |   


එදා  M.C.C කබරගොයා අද තලගොයා බවට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන් මැතිවරණ දෙකක් කළ බවට ඇඟට දැනෙන බවත් එකක් අපෙක්ෂකත්වය ගැනීමේ අරගලය බවත් අනෙක ප්‍රජාතන්ත්‍රවාදය ගැනීමේ අරගලය බවත් මේ අරගල සියල්ල තුලින් අත්දැකීම් රාශියක් ලැබු බවද ඔහු පවසයි.

හැට නව ලක්ෂයක් ඉන්නවාට වඩා හොඳින් සිටිමටත් එක වේලක් හරි කා රට බේරා ගැනීමට අවශ්‍ය බව පැවසු අතර අද රට බේරා ගැනීමට M.C.C කබරගොයා තලගොයා බවට පත්ව ඇති බවද විපක්ෂ නායකවරයා පවසයි.

මහ මැතිවරණයේදි තම පාර්ශවයෙන් අගමැතිවරයා පත් කර ගැනීම සුදුසු බවත් තමන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ වැඩකිරීමට සුදානම් බවද ඒ මහතා පවසයි. දෙදෙනාම අඳින්නෙත් එකම විදිහට බවත් කරන්නට හදන දේවල් වල මහා පරස්පරතාවයක් තමන් දකින්නේ නැති බවත් ඒ් නිසාම දෙගොල්ලම එක් වී රට හදන්නට සුදානම් බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර සිටියේ  කැස්බෑවේ පැවති ජනහමුවක් අමතමිනි.

 

 







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.