English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
දේශපාලන පළිගැනීම් සොයන්න ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසමක්
(2020-01-11)

<< Go Back
Share |   


පහුගිය රජය සමයේ දේශපාලන පළිගැනීමට ලක්වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසන්  සභාවක් පත් කර ඇත.

පසුගිය 9 වනදා සිට බලපැවැත්වෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව ඊට අදාල අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් මෙම පත් කිරීම සිදු කර තිබේ.

2015 ජනවාරි මස පළමු වනදා සිට 2019 නොවැම්බර් මස 16 වනදා දක්වා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිශන් සභාව, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය, පොලිස් විශේෂ විමර්ශන ඒකකය යන ආයතනවල දේශපාලනමය වශයෙන් පළිගැනීමට ලක්වූවන් සම්බන්ධයෙන්මෙම කොමිසම මඟින් විමර්ශනය කරනු ලබයි.

එම කොමිසම විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක සහ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත වෙයි.

2015 වර්ෂයේ පැවති ජනාධිපතිවරණය සහ එම වසරේ අගෝස්තු මස පැවති මහ මැතිවරණයෙන් අනතුරුව ඊට පෙර තනතුරු දැරූ රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකයින්, සන්නද්ධ හමුදාවන්හි මෙන්ම පොලිසියේ සාමාජිකයින් දේශපාලනමය වශයෙන් පළිගැනීමට ලක්වීම සම්බන්ධයෙන් ජනපති කොමිසම මඟින් කරුණු සොයා බැලීමට නියමිතයි.

මෙම ජනාධිපති කොමිශන් සභාව මඟින් මාස 6 ක කාලයක් තුළදී ඊට අදාල වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දිය යුතු වේ.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.