English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
මාතලේ නගරාධිපතිට හා ඔහුගේ රියදුරුට ඇප
(2020-01-09)

<< Go Back
Share |   


මාතලේ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රිවරයෙකුට පහරදීමේ සිද්ධියක්  සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් මාතලේ නගරධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා හා ඔහුගේ රියදුරු රුපියල් ලක්ෂය බැගින් වු ශරිර ඇප 4 මත මුදාහැරීමට මාතලේ මහේස්ත්‍රාත්  ඉංදික අත්තනායක මහතා විසින්  අද(09) දින නියෝග කළේය.

නගරාධිපතිවරයා හා ඔහුගේ රියදුරු ලෙස කටයුතු කරනු ලබන පුද්ගලයෙකු විසින් මාතලේ නගරයේදී නුග ගහමුල බස් නැවතුම් පල අසලදී එම්.මොගන් නැමති නාගරික මන්ත්‍රිවරයාට පහරදුන් බවට මාතලේ පොලීසිය වෙත සිදු කරන ලද පැමිණිලිලකට අනුව නගරාධිපතිවරයාව හා ඔහුගේ රියදුර සැකපිට අද අත්අඩංගුවට ගෙන මාතලේ අධිකරණයට ඉදිරිපත් කළේය.

නගරාධිපතිවරයාගේ රියදුරු ලෙස කටයුතු කරනු ලබන පුවන කුමාර නැමති පුද්ගලයා හා පහරකැමට ලක්වු බව කියන නාගරික මන්ත්‍රිවරයා අතර ඇතිවු බහින් බස් විමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලීසියට ලැබුණු පැමිණිල්ලට අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

පහර කැමට ලක්වු නාගරික මන්ත්‍රිවරයා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකර ලබයි.

 







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.