English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
නීති ආධාර සේවය තවත් පුළුල් කරයි
(2020-01-09)

<< Go Back
Share |   


නඩුවලදී  නීතිඥවරුන් යොදවා ගැනීමට නොහැකි ජනතාවට යුක්තිය පසිදවා ගැනිම සදහා උපකාර කිරීම රජයේ වගකීමක් වන බැවින්  නීති ආධාර සේවය තවදුරටත් පුළුල් කළ යුතු බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කර අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කොට ඇති ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ කටයුතු කරන ප්‍රාදේශීය නීතිඥවරුන් හා  පරිපාලකයින් පිරිසක් ඊයේ පස්වරුවේ (08) අමාත්‍යාංශයේදී අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමු වි නීති ආධාර සේවාව වඩාත් පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමට ඇති බාධක පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා විය.

දිවයිනේ සෑම උසාවියක්ම කේන්ද්‍ර කොට නීති ආධාර සේවය පවත්වා ගෙන යන බවත් දැනට අඩු ආදායම්ලාභි විශාල පිරිසක් මෙකී සේවය ලබා ගන්නා බවත් පෙන්වා දුන් නියෝජිත පිරිස නීති ආධාර සේවය පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය කාර්යාල පහසුකම් හා ඉඩකඩ සීමා සහිත නිසා එම සේවාදායකයින්ට වඩාත් ඵලදායි සේවයක් ලබා දීමට එකි පහසුකම් පුළුල් කර දෙන ලෙස ඉල්ලා සිටියේය.

විශේෂයෙන් රිය අනතුරු වලදී මිය යන හා තුවාල ලබන ජනතාවට අධිකරණයේදී සිය නඩු කරය ඔප්පු කිරිම සදහා විශාල ගැටළු ප්‍රමාණයක් ඇති බවටත් සිවිල් නඩුවලදී සාක්ෂි දීම සදහා වෛද්‍ය පහසුකම් කැදවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදු වන බවත් රක්ෂණ සමාගම් ඉතා අසාධාරණ ලෙස කටයුතු කරන බවත් එවැනි නඩු සාධාරණ මට්ටමකට සමථයකට පත් කිරීමට රක්ෂණ සමාගම් පියවර නොගන්නා හෙයින් ඒ පිළිබදව ශක්තිමත් නීති පද්ධතියක් සකස් කළ යුතු බවත් සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය.

ඉදිරිපත් කරන ලද එකී කරුණු පිළිබදව සිය අවධානය යොමු කරමින් රක්ෂණ සමාගම් නියෝජිතයින් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තමා කටයුතු කරන බවත් අවශ්‍ය නම් අනතුරට පත් වුවන්ට සහනය ලබාදීම සදහා නව නීති සම්පාදනය කිරීමට තමා සුදානම් බවත් අමාත්‍යවරයා එහිදී සදහන් කළේය.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.