English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
FCID නීතිමය ආයතනයක් නෙමේ -අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ
(2020-01-09)

<< Go Back
Share |   


මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හෙවත් FCID නීතිමය ආයතනයක් නොවන බව විදුලි බල රාජ්‍ය ඇමති හා රජයේ මාධ්‍ය ප්‍රකාශක මහින්දානන්ද  අලුත්ගමගේ මහතා පවසයි.

එහෙයින් මේ වන විට එහි විමර්ශන කටයුතු සිදු නොවන බවත් එහි සිදු කළ සියලු විමර්ශන කටයතු මේ වනවිට අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇතැයිද ඔහු පවසයි.

පසුගිය රජයෙන් ආරම්භ කළ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සිදුකරනු ලැබුයේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් සිටි කමිටුවක් විසින් තෝරාදෙනු ලබන තැනැත්තන්ට නඩු නිර්මාණය කර පැවැරීම යැයි ද හෙතෙම පවසයි.

පොලිසිය,අල්ලස් කොමිසම හා අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව යන නීතිමය ආයතන තිබෙන හෙයින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හෙවත් FCID නීතිමය ආයතනයක් නොවන බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.

අමාත්‍යවරයා මේ අදහස් දැක්වුයේ ඊයේ (08) ලංකා විදුලි බල අමාත්‍යාංශයේ දි පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්ය.

 







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.