English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
රංජන්ගේ හඬපටි ත‍්‍රීවීල් රියදුරෙක් ළඟ තිබුණේ - පොලිසිය කියයි
(2020-01-09)

<< Go Back
Share |   


හිටපු රාජ්‍ය අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිස් භාරයට ගත් දුරකථන සංවාද ඇතුලත් හඬපට මාධ්‍යයට නිකුත් වීම සම්බන්ධයෙන් ඊයේ (08) දින ඒ මහතා විසින් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබුණි.

රංජන් රාමනායක මහතාගේ නීතිඥවරිය මඟින් නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඊයේ පස්වරුවේ මෙම මෝසම ඉදිරිපත් කෙරුණි.

ඉකුත් දා මාදිවෙල නිවසේදී තමන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගැනුනු දුරකථන සංවාද ඇතුලත් හඬපට තමන් ඉදිරියේම මුද්‍රා තැබුවද මේ වන විට ඒ්වා විවිධ මාධ්‍ය වලට නිකුත් වීම ගැටලූවක් වීම නිසා මෙලෙස රංජන් රාමනායක මන්ත‍්‍රීවරයා මෝසමක් ඉදිරිපත් කර තිබුණි.

ඔහුගේ නීතිඥවරිය හරහා අධිකරණය වෙත දැනුම් දී තිබුණේ මෙතෙක් එම හඬපට නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් නොවීම ගැටලූවක් බවත් වහාම ඒවා අධිකරණ භාරයට ගන්නා ලෙසත්ය.

මෙම මෝසම ඉදිරිපත් වී පැය හතරක්වත් යාමට මත්තෙන් පොලිස් මුලස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.
එහි සඳහන් කර තිබුණේ ඉකුත් ජනවාරි 02 වෙනි දින බත්තරමුල්ල ප‍්‍රදේශයේ පදිංචි ත‍්‍රීරෝද රථ රියදුරෙකු විසින් තම ත‍්‍රීරෝද රථයෙන් කුලී ගමනක් යමින් සිටි පුද්ගලයෙකු අමතක වීමෙන් දමා ගිය බාහිර දෘඩ තැටියක් මිරිහාන පොලිස් ස්ථානයේ පොලිස් පරික්ෂක ජයන්ත පෙරේරා මහතා වෙත ලබා දී තිබු බවය.

එම දෘඩ තැටිය පරික්ෂා කිරිමේදි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතා විසින් සිදු කළ දුරකථන සංවාද රැසක් පටිගත වී තිබු බවත් ඒ අතර හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා , පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය, හිටපු මහධිකරණ විනිසුරු පද්මිණි එන් රණවක මහත්මිය, අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂිකා දිල්රුක්ෂි ඩයස් මහත්මිය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ඇතුලූ අධිකරණ ක්ෂේත‍්‍රයේ විනිසුරුවරුන් රැසක් හා පොලිසියේ නිලධාරින් රැසක් සමඟ කළ සංවාද තිබු බවද එම නිවේදනයේ සඳහන් වේ.

රංජන් රාමනායක මහතා මාදිවෙල මන්ත‍්‍රී නිවාස සංකීර්ණය තුල පිස්තෝල අවියක් භාවිතා කරමින් අවි පුහුණුව ලැබු බවටත් එලෙස අවි පුහුණුව ලැබුයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඝාතනය කිරිමට බවත් එම දුරකථන සංවාද වල සටහන් වීම නිසා ඇති වු සාධාරණ සැකයක් මත රංජන් රාමනායක මන්ත‍්‍රීවරයාගේ මන්ත‍්‍රී නිල නිවස පරික්ෂා කිරිමට ඉකුත් ජනවාරි 04 වෙනි දින සෝදිසි වරෙන්තුවක් ලබා ගත් බවද එහි සඳහන් වේ.

එදින සවස 3.00 සිට රාත‍්‍රි 7.30 දක්වා මෙම සෝදිසි කිරිම කර ඇති අතර එහිදි 2016 න් පසු ලියාපදිංචිය අලූත් කර නොමැති ගිනි අවියක්. පතොරොම් ගැබ් 02 ක්, ජීව උණ්ඩ 127 ක් , ලැප්ටොප් 02 ක්, බාහිර දෘඩ තැටි 04 ක්, හාර්ඩ් ඩික්ස් 05 ක්, ජංගම දුරකථනයක්, විවිධ ඞී.වී.ඞී පට 164 ක්, වසීම් තාජුඞීන් ඝාතනය පිලිබඳ තොරතුරු ඇතුලත් ගොනු 02 ක් පොලිස් භාරයට ගත් බවත් මේ සියලූ දේපල මන්ත‍්‍රීවරයාගේ වම් මාපට ඇඟිලි සලකුණ තබා මුද්‍රා තැබු බවද පවසයි.

මෙහිදි පොලිසිය පවසන ආකාරයට මන්ත‍්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත්තේ ලියාපදිංචි නොකළ ගිනි අවිය සමඟ අත්අඩංගුවට ගත් ජිව උණ්ඩ 127 ක් හා එම උණ්ඩ බහාලන ඇසුරුම් 03 ක්ද සොයා ගැනීමට හැකි වු නමුදු මෙහි මුලූ උණ්ඩ 150 ක් තිබිය යුතු වුවත් ඉන් 23 ක්ම නොතිබීම මත මෙම උණ්ඩ භාවිතා කරමින් මන්ත‍්‍රීවරයා සාහසික ක‍්‍රියාවක නිරත වුවාද  යන්න සැකය මත වේ.
මේ දිනවල මාධ්‍ය වල විකාශය වෙන හඩපටි පොලිසිය විසින් ලබා නොදුන් බවත් එහි සම්පුර්ණ වගකීම ඇත්තේ එම සංවාද හඬපට දිගු කලක් ළඟ තබා ගත් පුද්ගලයින්ට බවද පොලිසිය නිකුත් කළ මාධ්‍ය නිවේදයෙන් අවධාරණය කර ඇත.

නමුත් මේ සියලූ හඬපටි එළියට ආවේ පොලිසිය රංජන් රාමනායක මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව බව පොලිසියට අමතක වී ඇත.

ශානිකා
 






Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.