English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ලංකාවෙන් කාති උසාවි තුරන් කළ යුතුයි - මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හවුල
(2020-01-09)

<< Go Back
Share |   


විනයක් නැති දුෂිත වු කාති උසාවි මෙරටට අවශ්‍ය නැති බව මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හවුලේ සභාපති මොහොමඩ් ‍‍‍පියාස් මහතා පවසයි. කාති උසාවි ලංකාවෙන් තුරන් විය යුතු බවද ඔහු පවසයි.

ඒ් මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (08) දින පැවැත් වු මාධ්‍ය හමුවකදීය.

ඒහිදි අදහස් දැක් වු මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හවුලේ භාණ්ඩාගාරික මොහොමඩ් පසාල් මහතා කියා සිටියේ මෙම මුස්ලිම් දික්කසාද පනත පිලිබඳ කාතිවරු දස දෙනෙකුවත් සම්පුර්ණයෙන්ම කියවා නැති බවත් ඔවුන් මේ පනතේ තිබෙන ආකාරයට කටයුතු නොකරන බවත් පැවසුවේය.

සියයට දහයක් කාතිවරු කරන දේවල් හොඳ විය හැකි නමුත් සියයට අනුවක්ම කාතිවරු  කරන දේවල් හොඳ නැති බවත් ඒහෙයින් තමන් ප්‍රකාශ කර සිටින්නේ කාතිවරු කියන  කරන දේවල් 100% හොඳ නැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මෙම මාධ්‍ය හමුවේදි කාති උසාවි හරහා දැඩි අසාධාරණයට ලක් වු මුස්ලිම් කාන්තාවන් කිහිප දෙනෙකුද සිය අත්දැකීම් හෙළිකර සිටි අතර ඔවුන්ගේ ඒකම ඉල්ලීම වුයේ කාති උසාවි ලංකාවට අවශ්‍ය නැති බවය.

මේ අතර ඊයේ (08) දින 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් හා 1907 අංක 19 දරණ විවාහ( සාමාන්‍ය) ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින්  පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.








Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.