English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
රංජන්ට පක්ෂයෙන් විනය ක්‍රියාමාර්ග
(2020-01-08)

<< Go Back
Share |   


හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රි රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් ඉදිරියේදි විනය ක‍්‍රියාමාර්ග ගැනීමට පක්ෂය තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එමෙන්ම රන්ජන් රාමනායක මහතාගේ හඬ පට සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත්කර විමර්ශනයක් සිදුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු පවසයි.

අධිකරණ පද්ධතියට බලපෑම් කර ඇති බවට හෝ නීතියට පිටින් කටයුතු කර ඇති බවට මෙම හඬපට මගින් තහවුරු වෙන්නේ නම් එම පුද්ගලයන්ට එරෙහිව තරා තිරම නොබලා අවශ්‍ය දඬුවම් ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

හඩපට දවස ගානේ ඒළියට දමා වෙන ප්‍රශ්න අමතක කරමින් ජනතාව මෝහනය නොකරන ලෙසත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (8)  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.