English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ස්විස් සේවිකාව පැහැරගැනීමේ තොරතුරු පරස්පරයි.
(2019-12-02)

<< Go Back
Share |   


ස්විට්සර්ලන්ත සේවිකාව පැහැර  ගෙන ගොස් තර්ජනය කිරීමේ සිද්ධිය විමර්ශනය කිරිමේදි ඇය ලබා දී ඇති තොරතුරු වල පරස්පරභාවයක් ඇති බවත් ඒහෙයින් මෙය නිවැරදිව විමර්ශනය කිරිමට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පුර්ණ සහාය අවශ්‍ය බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීයව බඳවාගත් කාර්ය මණ්ඩල සාමාජිකාවක ඉකුත්  නොවැම්බර් 25 සඳුදා සවස පැහැරගෙන ගොස් තර්ජනය කළ  බව කියන සිද්ධිය සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා රජය  පූර්ණ විමර්ශණයක් ආරම්භ කරන ලදී.

මෙහිදි ස්විස් තානාපති කාර්යාලය ඉකුත් නොවැම්බර් 29 සිකුරාදා ලබා දුන් තොරතුරු මත ප්‍රශ්න කරනු පිණිස සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනිය තමන්වෙත යොමු කරන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරින් කළ ඉල්ලීම ඉටුකිරිමට තානාපති කාර්යාලය ක්‍රියා නොකළ ද විමර්ශණය ඉදිරියට ගෙනයනු ලැබු බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.

ඊයේ  සවස (01) ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික)කමල් ගුණරත්න මහතා සහ අදාළ නිලධාරින් සමඟ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් මොක් (Hanspeter Mock)  මහතා හා නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී හමු වූ විදේශ සම්බන්ධතා අමාත්‍යංශයේ ලේකම් රනාත් ආර්යසිංහ මහතා පොලිසියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශණවල ප්‍රතිඵල ගැන ඔවුන් දැනුවත් කළේය.

ස්විස් දූත කාර්යාලය සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනිය වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් සපයන ලද පරිදි සිදුවීමට අදාළ සිද්ධීන්ගේ පෙළ ගැස්ම සහ කාලව වකවානුව සිදුවීමට මුහුණ පෑ බව කියන නිලධාරි අදාළ දින කළ ගමන්බිමන් සමඟ නොපෑහෙන බව උබර් (Uber) වාර්තා, සී.සී.ටී.වී (CCTV) දර්ශන, දුරකථන වාර්තා සහ ජී පී එස් (GSP) දත්ත ඇසුරෙන් සනාථ වන බව සාක්ෂි සහිතව තානාපතිවරයාට පෙන්වාදෙන ලදී.

නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරින් ස්විස් දූත කාර්යාලයට ඉදිරිපත් කළ ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි ප්‍රකාර අදාළ චෝදනාව හා සම්බන්ධ සැබෑ තතු නිවැරදිව හඳුනා ගැනිමට තවදුරටත් විමර්ශණ කළයුතු බව මෙහිදි අවධාරණය කෙරිණ. ඒ සඳහා සිද්ධියට මුහුණ පෑ බව කියන කාර්ය මණ්ඩල සාමාජිකාව නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරින් විසින් ප්‍රශ්න කරනු ලැබිය යුතුය. සිද්ධියට මුහුණ පෑබව කියන තැනැත්තිය සිදුවුණාය කියන පැහැර ගැනීමේ දී තමාට තුවාල සිදුවු බව කියා ඇති බැවින් ඇය ශ්‍රී ලංකාවේ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු විසින් කරණු ලබන වෛද්‍ය පරික්ෂණයකට භාජන කළයුතු බව පෙන්වා දෙන ලදී. ඒහෙයින් සිදුවුවායි කියන මෙම   සිද්ධිය සම්බන්ධ යථා තත්ත්වය නිශ්චය කරනු සඳහා ශ්‍රී ලංකා රජයට සහාය වන්නැයි තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටින ලදී.

-ශානිකා මාධවී-







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.