
මෙම වසරේ ගත වු මාස දහයක කාලය තුල අල්ලස් හෝ
දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අල්ලස් ලබා ගැනීමේ පැමිණිලි 2769 ක් ලැබී තිබේ.
ඉකුත් ජනවාරි මස 01 දා සිට ඔක්තෝම්බර් මස 31 දක්වා කාලය කුල අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණි 2769 න් පැමිණිලි 1737 ක් වැඩිදුර විමර්ශනය කිරීමට තිරණය කර වැටලීම් කර තිබේ.
මෙහිදි දුෂණ සම්බන්ධයෙන් පැමිණිලි 1179 ක්ද, අයුතු වත්කම් ඉපයීම සම්බන්ධයෙන් පැමිණිලි 111 ක්ද, අල්ලස් ලබා ගැනීම් 392 ක්ද ලැබි ඇති අතර වැටලීම් 55 ක්ද සිදු කර තිබේ.
එමෙන්ම මහේස්ත්‍රාත් අධිකරණ වල නඩු 09 ක්ද, මහධිකරණ වල නඩු 28 ක්ද, ත්‍රිපුද්ගල විශේෂ මහධිකරණයේ නඩු 03 ක් වශයෙන් නඩු 40 ක් පවරා ඇත.
මෙහිදි පැමිණිලි 816 ක් වැඩිදුර විමර්ශනය නොකීරීමට තිරණය කර ඇති අතර වැඩිදුර විමර්ශනය කරනවාද යන්න තීරණය කිරිම සඳහා පැමිණිලි 216 ක් ඇති බවද අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
එමෙන්ම ඔක්තෝම්බර් 31 වන විට පැමිණිලි 1820 ක් අවසන් කර ඇත.
-ශානිකා මාධවී-
© www.aithiya.lk
අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.
අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.