English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
වැලිකඩ නඩුව කල් යයි!
(2019-11-29)

<< Go Back
Share |   


වැලිකඩ ඝාතන නඩුවේ දෙවන විත්තකරු විශේෂ ත්‍රිපුද්ගල මහධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් නඩුව ලබන මස 13 වෙනි දින දක්වා කල් තැබීමට විශේෂ මහධිකරණය අද (29) නියෝග කළේය.

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරය තුල රැඳවියන් ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධ නඩුව අද දින ත්‍රිපුද්ගල මහධිකරණ විනිසුරුවන් වන ගිහාන් පී.කුලතුංග හා මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙහිදි මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර ඇති එමිල් රංජන් ළමාහේවා මහතාට ඩෙංගු රෝගය වැලඳි ඇති හෙයින් අද දින අධිකරණයේ පෙනී සිටිය නොහැකි බව ඔහුගේ නීතිඥවරයා විසින් අධිකරණය වෙත දන්වා සිටියේය.

එම කරුණ සැලකිල්ලට ගනිමින් මහධිකරණය විසින් මෙම නඩුව ලබන මස 13 වෙනි දිනට කල් තැබීය.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.