English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ස්විස් නිලධාරිනිය පැහැර ගෙන තර්ජනය කිරිම බරපතල ප්‍රහාරයක්! - ස්විස් රජය කියයි
(2019-11-29)

<< Go Back
Share |   


මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැර ගෙන ගොස්  තර්ජනය කිරීම සිය රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලයකට සහ ඔවුන්ගේ සේවකයින්ට එල්ල කළ බරපතල හා පිළිගත නොහැකි ප්‍රහාරයක් ලෙස සලකන බව ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

පසුගිය සදුදා (25) දින  මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන මෙරට නිලධාරිනියක් වෑන් රියකින් පැහැරගෙන ගොස්  පැය දෙකකට අධික කාලයක් රඳවාගෙන ප්‍රශ්න කර මුදා හැර තිබුණි. මෙහිදි ඇයගෙන් ඉහළ පෙළේ පොලිස් නිලධාරියෙකු ආරක්ෂාව පතා ස්විට්ස්ර්ලන්තයට පලා ඒ්ම සම්බන්ධයෙන් තොරතුරු විමසා තිබු බවත් මේ සම්බන්ධයෙන් ස්විට්ස්ර්ලන්ත රජය ශ්‍රි ලංකා බලධාරීන්ට දැන්වු බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒමෙන්ම මේ පිලිබඳ පරික්ෂණයක් ඉල්ලා ඇති බවත් ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය අල්ජසීරා පුවත් සේවයට පවසා ඇත.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.