English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අතුරුදහන් කෙරේ...
(2019-11-29)

<< Go Back
Share |   


ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා ලෙස පත් කීරිමට ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතිය ඊයේ (28) හිමිව ඇත.

ඒමෙන්ම මෙහිදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසි කිරීමට ජාතික පොලිස් කොමිසන් සභාව තීරණය කර තිබේ.

දිනපතාම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වෙත දිවයින පුරා සිදුවන අපරාධ, රිය අනතුරු ආදිය සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන්නේ  පොලිස් මාධ්‍ය කොට්ඨාශය හරහාය. රුවන් ගුණසේකර මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස මුලින්ම රාජකාරී ආරම්භ කළේ 2014 වර්ෂයේදීයග ඒ එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශකව සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විදේශගත වීමෙන් පසුවය. රුවන් ගුණසේකර මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ස්ථීරවම පත්කරනු ලැබුවේ 2015 දීයග මාධ්‍ය  කොට්ඨාශයට අමතරව ඔහු මහජන සම්බන්ධතා  කොට්ඨාශයේද, විනය හා කල්ක්‍රියා කොට්ඨාශයේද අධ්‍යක්ෂකවරයා ලෙස සේවය කළේය.

ඉකුත් 27 දා සිට පොලිස් මාධ්‍ය කොට්ඨාශය මඟින් කිසිදු මාධ්‍යයක් වෙත තොරතුරු ලබා නොදුන් අතර ඒහි තිබු සියලු දුරකථන අංකයන්ද විසන්ධි කර තිබුණි. මෙම පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ කාර්ය මණ්ඩලය 60-70 ක් පමණ සේවය කරන අතර පෙරේදා(27) දින සිට ඔවුන්ද දැඩි වික්ෂිප්ත භාවයට පත්ව සිටියහ. මේ අතර ඊයේ දින ජාතික පොලිස් කොමිසම රැස් වු අවස්ථාවේදි පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසුරුවා හරිමින් ඒහි කාර්ය මණ්ඩලය වෙනත් රාජකාරි සඳහා ස්ථාන මාරු ලබා දීමට තීන්දු වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ අතර පානදුර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒ්කකය හා පානදුර කොට්ඨාශ දුෂණ මර්ධන ඒ්කකය විසුරුවා හැර ඇති බවද වාර්තා වේ.

-ශානිකා මාධවී-







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.