English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ස්විට්සර්ලන්ත සිදුවීම රජය බැරෑරුම් ලෙස සලකනවා- විදේශ කටයුතු අමාත්‍යාංශය
(2019-11-28)

<< Go Back
Share |   


ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගොස් තර්ජනය කිරිම  සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය බැරෑරුම් ලෙස සැලකිල්ලට ගෙන තිබෙන බවත් මේ පිලිබඳ විමර්ශනය කිරිමට ස්විට්ර්ලන්ත තානාපති කාර්යාලයේ පුර්ණ සහයෝගය ලබා දෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම සිද්ධිය පිළිබඳව ඊයේ දිනයේ දී දැනගැනීමෙන් අනතුරුව, පොලීසිය මෙම කරුණ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට වහාම පියවර ගෙන තිබෙන බවත් විමර්ශනය සුමටව සහ ස්ථාපිත ක්‍රියා පටිපාටියට අනුකූලව සිදුකිරීම සඳහා අදාළ බලධාරීන්ට අවස්ථාව සලසා දීම පිණිස ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා ඇත.

ඒමෙන්ම ස්විට්සර්ලන්තය සඳහා සමගාමීව අක්ත ගන්වා සිටින ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මැතිතුමා මෙම පරීක්ෂණය පිළිබඳ යාවත්කාලීන කිරීමක් සඳහා ළඟදීම ස්විට්සර්ලන්ත බලධාරීන් හමුවීමට නියමිත බවද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල සුමට ක්‍රියාකාරිත්වයට පහසුකම් සැලසීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියට (1961) රාජ්‍ය පාර්ශ්වයක් ලෙස පවරා ගන්නා ලද බැඳීම් ක්‍රියාවට නැංවීම සඳහා වූ කැපවීම නිසැකවම තහවුරු කිරීම පිණිස ශ්‍රී ලංකා රජය මෙහි දී අවස්ථාව සලසා ගනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය විශ්වාස කරනු ලබයි.

ශානිකා මාධවී







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.