English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ජනාධිපති අගමැති ආරක්ෂක කොට්ඨාශයේ සිටි රැසක් යළි සාමාන්‍ය රාජකාරියට
(2019-11-28)

<< Go Back
Share |   


නව ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ පත් වීමත් සමඟින් පෙර සිටි ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරින් රැසක් සාමාන්‍ය පොලිස් රාජකාරියට  එක් වෙමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරක්ෂාවට සිටි ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ  ආරක්ෂක  නිලධාරින්ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට සිටි අගමැති ආරක්ෂක කොට්ඨාශයේ සේවය කළ ආරක්ෂක නිලධාරීන්ට  ඉකුත් නොවැම්බර් 17 දායින් පසුව දැනුම් දී ඇත්තේ සිටින ආරක්ෂක නිලධාරී සංඛ්‍යාව අඩු කළ යුතු හෙයින් තමන් කැමති ප්‍රදේශ වලට මාරුවීම් ලබා යා හැකි බවය.

ඒ අනුව මේ වන විට පොලිස් මුලස්ථානය වෙත ජනාධිපති ආරක්ෂක අංශයෙන් පොලිස් නිලධාරින් 700 ක් පමණද අගමැති ආරක්ෂක කොට්ඨාශයෙන් පොලිස් නිලධාරින් 300 ක් පමණ දෙනෙකු පැමිණ සාමාන්‍ය පොලිස් රාජකාරී සඳහා එක් වෙමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

-ශානිකා මාධවී-







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.