English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ගෝඨාභය බලයට ආවේ ජේ.වී.පී ය තුල තිබු කට්ටිවාදය නිසයි! - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
(2019-11-27)

<< Go Back
Share |   


ජනතා විමුක්ති පෙරමුණේ ඇති කට්ටිවාදය නවතා එක වේදිකාවක සිට සටන් නොකළ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණි බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

මැතිවරණයට පෙර පැහැදිලිවම කියා සිටියේ ලිබරල්වාදීන් සමඟ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සහ වාමාංශිකයින් එක් වුයේ නැතිනම් ගෝඨාභය වටා එක් වී සිටින සිංහල ජාතිවාදී බලවේගය පරාජය කර ඡන්දයක් දිනා ගැනීම අපහසු බවය. ඒක හරියට එදා හිට්ලර්ගේ බලවේගයට විරුද්ධව සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සහ කොමියුනිස්ට් පක්ෂය වැඩ කළා මෙන්ය. නමුත් සමාජ ප්‍රජාත්‍රන්ත්‍රවාදීන්  හා කොමියුනිස්ට්කරුවන්ට එකට එක් වී වැඩ කිරීමට නොහැකි වුවා සේය. ඒ කොමියුනිස්ට් පක්ෂයේ තිබු අන්තවාදය හේතුවෙන් වන අතර එවැනිම දෙයක් මෙතනත් සිදු වු බව ද හෙතෙම පවසයි.

අප එකහෙළාම ප්‍රකාශ කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිවාදය නවතා එක වේදිකාවක සිට සටන් කරමු යන්නය. නමුත්  ඡන්ද ප්‍රතිඵල වලින්ම පෙනී යන්නේ එය ඉටු නොවු බවය. එමෙන්ම ප්‍රජාත්‍රන්තවාදය වෙනුවෙන් පෙනී සිටි වාමාංශික සහ ලිබරල්වාදී සන්ධානයන් අරන් ඇති ඡන්ද ප්‍රමාණයන් එක් කර බැලු විට එක වේදිකාවක සිටියානම් සම්පුර්ණයෙන්ම අනිත් පිට පෙරළිමට ඉඩ තිබු බවද ඔහු වැඩිදුරටත් පවසයි.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.