English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
රෝ ඔත්තු සේවයේ 1990
(2019-11-07)

<< Go Back
Share |   


රටක රජය රෝගීන්ට සලකන ආකාරය සහ ඔවුන්ට සපයන පහසුකම්වල ප්‍රමාණය එම රට කොයිතරම් ශිෂ්ඨසම්පන්න ද යන්න පෙන්වන සාධකයකි. රටක රජයක් මිනිසුන් වෙනුවෙන් විධිමත් හා පහසු ගිලන් රථ සේවයක් හොඳින් පවත්වා ගැනීම මඟින් ජනතාව සම්බන්ධයෙන් එම රජය මොන තරම් මානුෂික ද යන්න තීරණය කර පෙන්වයි.

ඒ කෙසේ වෙතත් මේ තාක් කාලයක් විවිධ රජයන් යටතේ විවිධාකාරයෙන් නාගරික මෙන්ම ගම්බද ජනතාව සඳහා එම ප්‍රදේශවල රෝහල්වලට නොයෙකුත් පහසුකම් සැලැසුවද විධිමත් හා කාර්යක්ෂම ගිලන් රථ සේවයක් පොදුවේ තිබුණේ නැත. හදිසියකට ගිලන් රථයක් නොමැති ග්‍රාමීය රෝහල් පමණක් නොව නාගරික රෝහල් ද පසුගිය කාලයේ තිබුණි. පහසුකම් සහිත රෝහලක් කරා හදිසියේ රෝගියා යවන්නට හරිහැටි ගිලන් රථයක් නොමැතිකමින් රෝගීන් මිය ගිය අවස්ථා ද විටෙක වාර්තා වී තිබිණ. අපේ රටේ බහුතරයක් ජනතාවට ගිලන් රථ සඳහා වැනි අධික වියදම් දැරීම අසීරු බව රහසක් නොවේ.

මෙය හඳුන්වා දෙන අවදියේ දී ඊනිය ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් විශේෂයෙන්ම විමල් වීරවංශ වැනි දේශපාලනඥයන් ඒ සම්බන්ධයෙන් නොයෙකුත් බොරු බිල්ලන් මවමින් කතා කළා ඔබට මතක ඇත. මෙය ඉන්දියානු ආක්‍රමණයක් බවද රෝ ඔත්තු සේවයේ පිල්ලියක් බවද මේ රථ සඳහා රියදුරන් ගෙන්වන්නේ ඉන්දියාවෙන් බවද නොයෙකුත් බේගල් කියමින් මිනිසුන් රවටමින් එයට අකුල් හෙලූ අයුරු ඔබ කවුරුත් දනිති. එහෙත් අද සුවසැරිය ගිලන් රථ සේවය මඟින් ගම්බදව හා නගරබදව සිදුවන මෙහෙය ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ.

මෙම 2019 ඔක්තෝම්බර් 22 දින වන විට පමණක් සුවසැරිය ගිලන් රථ සේවය මඟින් සේවය ලැබූ සංඛ්‍යාව 3,08,285 ක් බවට වාර්තා වී තිබේ. එමගින් රෝහල් ගත කර ඇති රෝගීන සංඛ්‍යාව 2,68,59කි. ඒ හරහා රැකියා කරන රියදුරන් හා සහායක සෞඛ්‍ය සේවකයන් සංඛ්‍යාව 1478 කි. ඔවුන් කිසිවෙක් වීරවංශලා කී පරිදි ඉන්දියානුවන් හෝ රෝ ඔත්තුකරුවන් නොවේ. ලංකාවේ තරුණයන්ය. පසුගිය කාලය මුළුල්ලේ මේ රජය කළ හැම දේකට ම ඔවුන් කිසි පදනමක් නැති ද්‍රෝහී විවේචන කළේ කුහකකම හා බල ලෝභය නිසා මිස ජනතාවට ආදරයෙන් නොවේ.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.