English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
FTZ අරගලයට යුක්තිය කෘතිය එලිදැක්වීම හා විද්වත් සංවාදය හෙට (8)
(2019-11-07)

<< Go Back
Share |   


පුද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට විරෝධය පා කටුනායක නිදහස් වෙලද කලාපයේ සේවක සේවිකාවන් විසින් සිදුකළ සාමකාමී උද්ඝෝෂණය කෲර ලෙස මර්ධනය කිරීමට එරෙහිව තුවාල ලැබූ  කම්කරුවන් 13 දෙදෙනෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩු සියල්ල ජයග‍්‍රහණය කරමින් ඉහත කම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබීය.

එමෙන්ම, මේ සම්බන්ධව සොයා බැලීමට පත්කල ජනාධිපති කොමිසමේ වාර්තාව මගිනුත් මෙම ප‍්‍රහාරය ඉතා කෲර හා අමානුෂික ප‍්‍රහාරයක් බවට ද තීරණය කර තිබුනි.

ගරු ශ්‍රේෂ්ඨාධිකරණය හා ජනාධිපති කොමිසම ලබාදුන් ඉහත වාර්තාවන් ඇසුරින් අප විසින් ප‍්‍රකාශනයක් සකස් කරනු ලැබූ අතර, එම ප‍්‍රකාශණය එලි දැක්වීම හා විද්වත් සංවාදයක් නොවැම්බර් 8 සවස 2.30ට වැලිගම්පිටිය ජයලත් උත්සව ශාලාවේ දී පැවැත්වීමට රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය විසින් කටයුතු යොදා තිබේ.

මෙම සංවාදය සදහා පුජ්‍ය දඹර අමිල හිමි, සරත් ඉද්දමල්ගොඩ පියනම, සමන් රත්නපි‍්‍රය, නීතිඥ ජනක එදිරිසිංහ, පිලිප් දිසානායක, නීතිඥ දුලාන් දසනායක, චමිලා තුෂාරි යන අය සභාගී වීමට නියමිතය.


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.