English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
උන්වහන්සේලා හා ගොන් වහන්සේලා
(2019-11-07)

<< Go Back
Share |   


මේ ජනාධිපතිවරණය රට බේරා ගැනීමේ අවසන් අවස්ථාව හැටියට ඇතැම් පාර්ශ්ව මතුරනු ඇසේ. මැතිවරණ ඉතිහාසයේ අවසන් අවස්ථා ගණනාවක් පසුකර ඇති ඡන්දදායකයන් හට නම් මේ මැතිරීම නරනාටකයකි. විශේෂයෙන්ම දේශපාලන පාර්ශ්වවලට වඩා ආගමික පාර්ශ්ව මෙහිදී කැපී පෙනේ. තම ශාස්තෘවරුන්ගේ දේශනා අනුව හරි මග යෑම හා ගිහියන්ට ඒ මඟ වටහා දීම ගැන වගේ වගක් නොසිතන ඔවුහූ රට හැදීම සඳහා දේශපාලන උපදෙස් දෙති.

නොදන්නා ආර්ථිකයක් ගැන කතා කරති. රට බෙදීම හා ඇමරිකන් අතපෙවීම ගැනද ඉන්දියන් හා චීන ඇඟිලි ගැසීම් ගැනද දෙසා බාති."උන්වහන්සේලාගෙන් අහන්නැතිව කිසිවක් කරන්නේ නැතැයි කියන ගොන් වහන්සේලාද කටින් බතල සිටුවති. ආගමික ස‍ංස්ථාවෙහි සහ දේශපාලන සංස්ථාවෙහි කාර්ය භාරය හා වගකීම වෙන් කොට හඳුනා නෙගෙන රටම අච්චාරුවක් කරති.

මේ අවසාන අවස්ථාව යැයි සටන්පාඨය කෙළින් කරමින් සිටින බොරු දේශප්‍රේමීන්ගේ අතීත පැටිකිරිය බැලූ විට කොමිෂන් සභාවල ස්වාධීනත්වය අහිමිකර ඒකාධිපතියකුගේ යකඩ සපත්තුවට මුළු රටේම නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වළ දැමූ දේශපාලන අවස්ථාවාදීන් පිරිසක් බව පෙනේ.රාජ්‍ය දේපල කොල්ලකෑම,මාධ්‍ය මර්දනය,විරුද්ධවාදීන් ඝාතනය සහ පහරදීම යනාදී කරුණු අතින් බැලූවිට ඔවුන්ට ඒ සඳහා ඉඩක් ලැබෙන අවසන් අවස්ථාව හැටියට හැඳින්වීමෙහි නම් වරදක් නෙපෙනේ.

රට මුළුමනින්ම ඒකාධිපතතිත්වයට යටවීමේ අවසන් අවස්ථාව නම් මීට වසර කිහිපයකට පෙර අවසන් විය.එක්කෝ කල් තැබිණ.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.