English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ජනාධිපතිවරණ සමයේ ජනමාධ්‍ය අවභාවිතාව ගැන මැ.කෝ ට පැමිණිලි!
(2019-11-06)

<< Go Back
Share |   


සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව විසින් අද දින ජනාධිපතිවරණයේ මාධ්‍ය අවභාවිතාව පිළිබඳව විස්තරාත්මක පැමිණිල්ලක් ගොනු කරන ලදී.

මෙහිදී ඔවුන් පෙන්වා දුන්නේ ජනමාධ්‍යයන් පුද්ගලයන්ගේ ඇතැම් ප්‍රකාශ විකෘති කර විකාශය කිරීම, යම් යම් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට හා ඇතැම් අපේක්ෂකයන් අගතියට පත් වන ආකාරයට සිය විකාශන කටයුතු සිදු කිරීම මගින් නිදහස් හා සාධාරණ මැතිවරණයකට දරුණු ලෙස බාධා එල්ල වන බවයි.

ඒ ආකාරයට කටයුතු කිරීමේ තත්වයක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පිළිගත් බවත්, ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට කොමිෂන් සභාවේ අනෙක් සාමාජිකයන් සමග සාකච්ඡා කරන බවත් ඔවුන් ප්‍රකාශ කරන ලදී.

මේ සඳහා සමන් රත්නප්‍රිය, ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, පිලිප් දිසානායක, රාජා උස්වැටකෙයියාව, කුමුදුනී සැමුවෙල් ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් රැසක් සහභාගී විය.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.