English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
අපේක්ෂකයින් 3ක සති දෙකක වියදම මිලියන 962
(2019-11-06)

<< Go Back
Share |   


පසුගිය ඔක්තෝබර් 14 සිට 31 දක්වා කාලය තුළ රූපවාහිනී, පුවත්පත් දැන්වීම් ඇතුළු මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පමණක් රුපියල් මිලියන 1000කට ආසන්න මුදලක් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා විසින් වියදම් කරනු ලැබ ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ඇස්තමේන්තු කර තිබේ.

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලත් නිරීක්ෂණ ආයතනයක් වන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ නියාමන ව්‍යාපෘතියක් ලෙස පළමු වරට මැතිවරණ ප්‍රචාරණ පිරිවැය නිරීක්ෂණ සිදුකරන අතර එහි පළමු අතුරු වාර්තාව ඊයේ (05) මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුණි.

ඔක්තෝබර් 14 සිට 31 දක්වා ප්‍රචාරණයට සහ රැස්වීම් සඳහා ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා දරා ඇති බවට නිරීක්ෂණය කර ඇති අවම ඇස්තමේන්තුගත කර ඇති වියදම පහත දැක්වේ.

පක්ෂය

මුද්‍රිත මාධ්‍ය

රුපවාහිනී

රැස්වීම්/රැළි

ඇස්තමේන්තුගත අවම වියදම

පොදුජන පෙරමුණ

මිලියන 42

මිලියන 456

මිලියන 76

මිලියන 574

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

මිලියන 68

මිලියන 219

මිලියන 85

මිලියන 372

ජාතික ජන බලවේගය

මිලියන 01

මිලියන 04

මිලියන 11

මිලයන 16

සති දෙකක කළ නිරීක්ෂණයන්ට අනුව ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා රුපියල් බිලියන 10ක් මුදලක් සමස්ත ජනාධිපතිවරණයේ ප්‍රචාරණය සඳහා වියදම් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධිකාරක මංජුල ගජනායක පෙන්වා දෙයි.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.