English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
අවු 17 ක වන්දිබට්ට සේවයට රාජපක්ෂලා සජින් වාස්ට කල දේ! - සජින් වාස් ගුණවර්ධන
(2019-11-06)

<< Go Back
Share |   


සජින් වාස් ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් අද දින ප්‍රකාශ කළේ රාජපක්ෂ කඳවුරෙන් තමන්ගේ පවුලට මරණ තර්ජන එල්ල වී ඇති බවයි.

තමාගේම මිතුරකු වන ලොහාන් රත්වත්ත දුරකථනයෙන් සිය බිරිඳ අමතා මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මේ තර්ජනය කල බවත් ඔහු ප්‍රකාශ කරන ලදී. මහින්ද රාජපක්ෂ මහතා මෙය කීමට තමාට දැන්වූ බවත්, සිය දරුවන් දෙදෙනාටද මේ තර්ජනය එල්ල කල බවයි ඔහු ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව බිරිඳ විසින් තමාට දැන්වූ පසු තමන් ලොහාන් රත්වත්ත මහතාට දුරකථනයෙන් කතා කල බවත් එහිදී එසේ තර්ජනය කල බව පිළිගත් ලොහාන් රත්වත්ත තමාටද තර්ජනය කල බවත් ප්‍රකාශ කරන ලදි. එකී සංවාදයේ හඩ පටයක්ද මෙහිදී සජින් වාස් මහතා මාධ්‍යයට ඉදිරිපත් කරන ලදී.

මෙහිදී සජින් වාස් මහතා ප්‍රකාශ කලේ තමන් රාජපක්ෂලාට බය නැති බවත්, වසර 17ක් තිස්සේ ඔවුන් දන්නා තමන් ඔවුන්ගේ සියලු දේ දන්නා බවත් අවශ්‍ය නම් ඒවා හෙළි කිරීමටත් සූදානම් බව ඔහු ප්‍රකාශ කරන ලදී. එමෙන්ම වසර 17ක් තිස්සේ රාජපක්ෂලාට වන්දිභට්ටකම් කිරීමට තමාට සිදු වූ බවත් තමා තවදුරටත් එසේ කිරීමට සූදානම් නැති බවත්  ස්වාධීනව මගේ මතය අනුව ඉදිරියට දේශපාලනය කරන බවත් ඒ මහතා ප්‍රකාශ කරන ලදී.

තමාගේ දරු දෙදෙනා මේ සම්බන්ධයෙන් ඈදා ගැනීම පහත් ක්‍රියාවක් බවත් තමාගේ පවුලට යම් කරදරයක් සිදු කළහොත් කළ යුත්ත කුමක්දැයි තමා දන්නා බවත් සජන් වාස් තර්ජන වලින් බිය කළ නොහැකි පුද්ගලයෙක් බවත් ඒ මහතා ප්‍රකාශ කරන ලදී.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.