English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ශ්‍රී.ල.නි.ප ය කිසිදාක මරා දැමිය නොහැක - චන්ද්‍රිකා කියයි.
(2019-11-05)

<< Go Back
Share |   


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදාක මරා දැමිය නොහැකි බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ඒ මහත්මිය මේ බව පැවසුවේ අපි ශ්‍රී ලංකා සංවිධානය විසින් සංවිධානය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීම වෙනුවෙන් අද දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති සමුළුව අමතමින්ය.

ඒ මහත්මිය වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් කිසි කෙනෙකු වර්ෂ 2005 තෙක් මිනීමැරම් සිදු නොකල බවයි. මිනී මැරුම් සිදු කලේ වර්ෂ 2005න් පසුව බවයි.

කුමාර වෙල්ගම මහතාද මෙහිදී අදහස් දැක්වීය. ඒ මහතා ප්‍රකාශ කලේ ඔහුට මේ වන විටත් තර්ජන ඇති බවත්, ඔහුව සුදු වෑන් එකේ නොයවන පරිදි ඡන්දය පාවිච්චි නොකරන ලෙසත්ය,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අක්මීමන සංවිධායක හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි යූ.ජී.ඩී ආරියතිලකද මෙහිදී අදහස් දැක්වීය.

අදහස් දැක්වූ සියලුම දෙනා ප්‍රකාශ කලේ කිසිදු විනය පරීක්ෂනයකට මෙහි සිටින කිසිම අයෙකු බිය නොවන බවත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම හා හිටපු ජනාධිපතිනියට ඉතා ඉහල පිළිගැනීමක් මෙහිදී ලැබුණි.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.