English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ශ්‍රී.ල.නි.ප ප්‍රබලයන් කිහිපදෙනෙකු හෙට චන්ද්‍රිකාගේ වේදිකාවට
(2019-11-04)

<< Go Back
Share |   


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය පවත්වන සමුළුව හෙට දින හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ඇතුළු තවත් මහජන නියෝජිතයන් රැසකගේ සහභාගීත්වයෙන් හෙට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.

කුමාර වෙල්ගම මහතා පවසන්නේ හෙට දින ඔවුන්ගේ ශක්තිය පොහොට්ටුවේ නායකයන්ට මෙන්ම රටේම ජනතාවට බලා ගත හැකි වන බවයි. එමෙන්ම ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ ගෝටාභය රාජපක්ෂ මෙවර ජනාධිපතිවරනයේදී පරාජය වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීමට ගෝටාභය රාජපක්ෂ පරාජය වීම අත්‍යවශ්‍ය බවයි.

මේ වන විට හිටපු අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වික්ටර් ඇන්ටනී, රුවන් රණතුංග, හිටපු නගරාධිපති කේ.එච් බුද්ධදාස ඇතුලු ශ්‍රී.ල.නි.ප සංවිධායකයන් විශාල පිරිසක් මෙම සමුළුවේ සංවිධාන කටයුතු වල නිරත වෙයි.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපතිවරණයේ විශාල පෙරළියක් සිදු කරමින් ශ්‍රී.ල.නි.ප ප්‍රබලයන් කිහිප දෙනෙක් මෙදින මෙම සමුළුවට සහභාගී වීමට නියමිත බවයි.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.