English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
මිනී මැරීම රාජ්‍ය සේවයක් කරගත් අයෙකුගේ නැවත පැමිණීම - ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි
(2019-11-04)

<< Go Back
Share |   


‘ගෝඨාභය ජනතාවට දෙන ප‍්‍රධාන පොරොන්දුවක් නම් ‘බයෙන් තොරව ජීවත් විය හැකි රටක්’ ඔහු ලබාදෙන බවයි. මෙය මොන තරම් මුසාවක්ද? තමාගේ හෘදසාක්ෂියට එකගව ගෝඨාභයට මෙය කිවහැකිද? ඔහුත් ඔහුගේ් සහෝදර මහින්ද සහ රාජපක්ෂ සනුහරය බලයේ සිිටි සමයේ කළ කී දෑ දන්නා කිසිවෙකු ගෝඨාභයගේ මෙම පූචානම් මුසාවට රැවටෙන්නේ නැත. එදා සියලූ දෙනාම බයෙන් ත‍්‍රස්ත කළ සංත‍්‍රාසයෙන් මුසපත් කළ ගෝඨාභය දෙන මේ පෙරොන්දුව ගැන දෙවරක් හිතන්න.

‘අනේ අම්මා පල්ල මීයෝ මම උඔව කන්නේ නැහැ බං. වරෙන් මා ගාවට.’ කියන බළලාව විශ්වාස කරන්න පුළුවන්ද? ගෝ්ඨාභය ජයගතහොත් යම් හෙයකින් 2020-2025 යනු 2005 සහ 2015 භීම සහ චෞර කාලයම හෝ ඊටත් වඩා දරුණු වන බව රාවය පාඨකයින් ලියා තබාගන්න. මේ එන්න යන්නේ නිකංම නිකං ඌරු ?නක් නොව වෙඩි කෑ ඌරු ?නකි. පසුගිය වසර කිහිපය පුරා අපරාධ සහ සිවිල් උසාවි ගානේ බඩගෑ කණ්ඩායමකි. වංචාවෙන් සහ හොරකමින්ම ගොඩනගාගෙන තිබූ තමන්ගේ සමාජ ප‍්‍රාග්ධනය හෙවත් ප‍්‍රතිරූපය බිදගත්, පොඩිකරගත් කල්ලියකි. වෙඩි කෑමෙන් සිදුවුණු තුවාලවලට වඩා හිතේ අමාරුවෙන් පෙලෙන නඩයකි.

මොවුන් එන්නේම ‘තොපිට දෙන්නම් බැටේ’යන්න සිත දරාගෙනය. ‘වෙඩි කෑ ඌරන්’ යන උපමාව අර්ථවත් වෙනුයේ මේ නිසාය. තමන්ට එරෙහිව ජන්දය ඉල්ලීමේ ‘වරදට’ ෆොන්සේකාගෙන් එළව එළවා පළිගත්තෙක් නම්, තමන්ගේ තක්කඩිකම් සහ හොර මැරකම් සහ වංචා හෙළිදරව් කරන්නන් ( whistleblowers ) (ලසන්ත වැනි) රාජකාරියක් ලෙස සදහටම නිහඩ කළේ නම් (බලන්න කැලිෆෝනියා අධිකරණයේ ලසන්තගේ දියණිය ගෝඨාභයට එරෙහි නඩු විභාගයේ ඔක්තෝබර් 17 2019 දුන් තීන්දුව ( Ahimsa Wickramathunge VS Nandasena Gotabaya Rajapaksha 2-19 –CV-02577-R-RRO ), එමෙන්ම මහින්ද ජනාධිපති සහ ගෝඨාභය ආරක්ෂක ලේකම්ව සිටි කාලයේ සිදු වූ වෙනත් අපරාධ සම්බන්ධයෙන්ද (සුප‍්‍රසිද්ධ කිහිපයක්-තාජුඞීන්, රවිරාජ්, සිරකරුවන් 27ක් එක රාත‍්‍රීයකදී පරලොව හැරීම, රතුපස්වල ත‍්‍රිත්ව ඝාතන, එක්නැළිගොඩ, ලලිත් සහ කූගන්, කීත් නොයාර්, පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන්) හරි හෝ වැරදි හෝ වේවා (අප නොදනිමු) මහින්ද රජයට සහ ගෝඨාභයට ඇගිල්ල දිගුව ඇත්නම් මහින්ද ගෝඨාභය නැවත සංයෝග වීම නැතිනම් තේරෙන භාෂාවෙන් කිවහොත් ‘සෙට්වීම’ සහ මේ දෙදෙනාගේ සහායට එන ‘ටීම් එකෙහි සංයුතිය දෙස බලන විට ඇත්තටම පාඨක ඔබට කුමක් දැනෙනවාද හැගෙනවාද?’

මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාඅරච්චි මහතා විසින් රාවය පුවත්පතට ලබා දී තිබූ ලිපියකින් මෙම ක‌ොටස උපුටා ගන්නා ලදී. මෙහි සම්පුර්ණ ලිපිය කියවීම සදහා...

http://www.aithiya.lk/n_other.php?id=205




Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.