English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ගෝඨා අත්අඩංගුවට ගැනීම වැළක්වූ බව පිළිගත් හිටපු අධිකරණ ඇමති විජේදාස
(2019-10-19)

<< Go Back
Share |   


ගෝඨා අත්අඩංගුවට ගැනීම වැළක්වූ බව පිළිගත් හිටපු අධිකරණ ඇමති විජේදාස

පසුගිය රජයේ ප්‍රභලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා පමුණුවන බව හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට ආණ්ඩුව තුළින්ම බරපතළ චෝදනා එල්ල වියග විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් ඡායාරූප සහිතව නිශ්ශංක සේනාධීපති සමග සම්බන්ධතා පවත්වන බවට චෝදනා කරන ලදී. පසුව එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීන් විසින් පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයින්ට නීතිය ක්‍රියාත්මක කිරීම වළක්වන බවට බරපතළ ලෙස චෝදනා එල්ල කරන ලදී. පසුව පසු පෙළ මන්ත්‍රීන් විසින් ඔහුව ඇමති ධූරයෙන් ඉවත් කරන ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහට බල කරමින් අභ්‍යන්තර අරගලයක් කල අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුව ඉවත් කිරීමට අගමැතිගේ උපදෙස් මත ජනාධීපතිවරයා කටයුතු කරන කළේය. ආණ්ඩුව සමග ඔහුගේ ගැටුම ආරම්භ වන්නේ එතැන් සිටය.

අද දින විජේදාස රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරන බවත් රට වටේම ගොස් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් කටයුතු කරන බවත්ය. කෙසේ වුවද පසුගිය ඔක්තෝබර් 26 දින සිදුවූ අගමැතිවරයා මාරු කිරීමේ සිදුවීමේදී පාර්ලිමේන්තුවේ සහය නොලැබූ බලහත්කාරී ආණ්ඩුව තුළද විජේදාස රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙමින් අමාත්‍යධූරයක් ලබා ගන්නා ලදී.

පසුගිය කාලය පුරාවටම විජේදාස රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපයන් විවාදයට තුඩු දුන් අතර පෙර දින අගමැති රනිල් වික්‍රමසිංහට සහය පළ කරන බව කී විජේදාස රාජපක්ෂ මහතා ඊට පසු දින කුමන්ත්‍රණකාරී ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය දීමට කටයුතු කරන ලදීග අද දින ඔහුගේ ඉහත කී ප්‍රකාශයෙන්ද පසුගිය කාලයේ ඔහුගේ හැසිරීම තුළින්ද ඔහුට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීන් ඇතුළු විවිධ පිරිස් විසින් කරනු ලැබූ ‍චෝදනා සත්‍ය බවට පිළිගැනීමට සිදු වෙයි.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.