English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ශ්‍රී රංගා ඇතුලු 6ක් අල්ලන්න නියෝග
(2019-10-17)

<< Go Back
Share |   


සිරස මාධ්‍ය ජාලය සේවයේ නියතුව සිට පසුව ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෙයරත්නම් ශ‍්‍රී රංගා, පොලිස් අධිකාරීන් දෙදෙනෙකු ඇතුලු 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප‍්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා විසින් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය ඊයේ (16) නියෝග කළේය.

ඒ 2011 වර්ෂයේ සිදු වූ රිය අනතුරකින් පොලිස් නිලධාරියකු මරණයට පත්වීම හා ඒ සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීම, අනතුර සම්බන්ධයෙන් අසත්‍ය බී වාර්තාවක් සකස් කිරීමට උපදෙස් ලබාදීම හා අනතුර ඇසින් දුටු පොලිස් නිලධාරියකුට තර්ජනය කර බොරු සාක්‍ෂි ලබාදීමට පෙළඹවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් එම හයදෙනාට එරෙහිව නීතිමය පියවර ගැනීමට ප‍්‍රමාණවත් සාක්‍ෂි ඇති බවට නීතිපතිවරයා විසින් නිගමනය කිරීම නිසාය.

මේ ආකාරයේම සිද්ධියක් වන ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් රිය  අනතුර සම්බන්ධයෙන් ද පසුව තොරතුරැ හෙලි වූ අතර, එහි දී සත්‍ය තොරතුරු වසන් කිරීම, අසත්‍ය බී වාර්තාවක්  අධිකරණයට ඉදිරිපත් කිරීම, අසත්‍ය වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීම ඇතුලු චෝදනා ගනනාවක් පොලීසියට එල්ල විය. ඒය රිය  අනතුරක් නොව රජපක්ෂවරැන්ගේ අවශ්‍යතාවයක් ඉටු කීරීම සදහා කරනු ලැබූ මිනීමැරැමක් විය හැකි බවටද මත පල විය.

මෙම රිය අනතුරේ දීත් මුලින් අනාවරණය වුයේ ශ්‍රී රංගා මහතාගේ ආරක්ෂක භටයෙකු වූ පොලිස් සැරයන් මහතා රිය පදවාගෙන පැමිණෙන විට මෙම අනතුර සිදු වී පසුව ඔහු මරණයට පත් වූ බවටයි. නමුත් දැන් හෙලිවෙමින් ඇත්තේ අනතුර වන අවස්ථාවේ ශ්‍රී රංගා මහතා රථය පදවාගෙන පැමිණ ඇති බවත් මිය ගිය පොලිස් නිලධාරියා ඉදිරිපස වම් අසුනේ පැමිණ ඇති බවත්ය.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.