English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
මැතිවරණ නිරික්ෂණයට 6000 ක්- ෆැපරල් කියයි.
(2019-10-17)

<< Go Back
Share |   


මෙරට සත් වෙනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පැවැත්වෙන දින මැතිවරණ කටයුතු නිරික්ෂණය වෙනුවෙන් නිරික්ෂකයන් 6000 කට වැඩි පිරිසක් යොදවන බව ෆැපරල් සංවිධානය පවසයි.

නොවැම්බර් 16 වෙනි දින පැවැත්වීමට අදාල ජනාධිපතිවරණය  සම්බන්ධයෙන් ෆැපරල් සංවිධානයේ පළමු මාධ්‍ය වාර්තාව ඊයේ (15) සවස මරදානේදි එළි දක්වනු ලැබීය. එම වාර්තාවට අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයකට අවශ්‍ය පසුබිම සකසමින් සෑම ඡන්ද බල ප‍්‍රදේශයක්ම ආවරණය වන පරිදි පළපුරුදු නිරික්ෂකයින් 04 කුගෙන් සමන්විත ජංගම රථ 160 ක් යොදවා තිබේ. එමෙන්ම අවදානම් සහගත බවට හදුනාගෙන ඇති ප‍්‍රදේශ වල නිරික්ෂණ කටයුතු සදහා විශේෂ ජංගම රථ 50 ක් යොදවනු ලබයි.

සමාජ මාධ්‍ය නිරික්ෂණය සදහා වෙනම කණ්ඩායම් දෙකක් පත් කර ඇති අතර තැපැල් ඡන්ද මධ්‍යස්ථාන නිරික්ෂකයින් 1000 ක් යෙදවීමට සැලසුම් කර ඇති බවද එකි වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

ශානිකා මාධවී



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.