English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
මැතිවරණ දැන්වීම ගැන හමුදාපතිවරයා ප්‍රකාශයක් කල යුතුයි! - මහින්ද දේශප්‍රිය
(2019-10-16)

<< Go Back
Share |   


මැතිවරණ දැන්වීම ගැන හමුදාපතිවරයා ප්‍රකාශයක් කල යුතුයි! - මහින්ද දේශප්‍රිය

මැතිවරණ දැන්වීමකට වත්මන් යුද හමුදාපතිවරයා පෙනී සිටිම සම්බන්ධයෙන් ඔහු ප‍්‍රකාශයක් මහජනතාව වෙත කළ යුතුව ඇති බවත්, එසේ ප‍්‍රකාශයක් ලබා නොදෙන්නේ නම් එය ඔහුගේ අනුදැනුම මත කළ දැන්වීමක් බවට සිතා ගතහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.
මහින්ද දේශප‍්‍රිය මහතා මේ බව පවසා සිටියේ අද (16) දිනයේ මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවකදී යුද හමුදාපතිවරයා මැතිවරණ දැන්වීමකට පෙනී සිටිම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසු ප‍්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමිනි.

මේ පිලිබද පැමිණිල්ලක් ඉකුත් 12 වෙනි දිනම ලැබුණා. අපි ඒ ගැන අදාල පක්ෂ නියෝජිතයටත්, පක්ෂ ලේකම්වරයටත්, ජනමාධ්‍ය ලේකම්වරයාටත්, ජනාධිපති ලේකම්වරයාටත් දන්වලා කරුණු සහිත ලිපියක් ඉල්ලා තියෙනවා. නමුත් තාම ලැබුණේ නැහැ. යුද හමුදාපතිවරයෙක් මෙලෙස දේශපාලන සංස්කෘතියකට අනුගත වෙමින් පෙනී සිටිම සුදුසු නැහැ. සේවයේ නියුතු අයෙක් විතරක් නෙමේ විශ‍්‍රාමික යුද හමුදාපතිවරයෙකුටවත් නිල ඇදුමින් සැරසි ඉන්න ඡයාරූප පාවිච්චි කරලා මැතිවරණ කටයුතු වල යෙදෙන්න බැහැ.

ඒ වගේම අපි මේ පිලිබද දේශපාලන හා අපේක්ෂකයින්ගේ ආචාර ධර්ම පද්ධතියේ පැහැදිලිවම සදහන් කරලා තියෙනවා. යුද ජයග‍්‍රහණය, වීරත්වය පක්ෂයකට පමණක් සීමා වු දෙයක් නෙමේ. ඒක මුලූ රටටම අයිති දෙයක්. ඒ වගේම තති කෙනෙකුට පමණක් අයත් දෙයක් නෙමේ. ඒ නිසා මේ පිලිබද අපි කරුණු සහිත වාර්තාවක් ඉල්ලා තිබෙනවා යැයිද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

 



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.