English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීම 28‍% ඉහළ ගිහින් - මහාචාර්ය පි.එස්.එම්.ගුණවර්ධන
(2019-10-15)

<< Go Back
Share |   


කොළඹ පදනම් ආයතනයේ පැවති උත්සව අවස්ථාවකදී ඔහු මේ බව හෙළි කර සිටියේය. එහිදි ඔහු මෙසේද පැවසුවේය.

විශ්ව විද්‍යාල ක්ෂේත‍්‍රයේ පහුගිය වසර 05 තුල දැඩි ලෙස වර්ධනයක් තියෙනවා. මේ රජය භාර ගන්නකොට විශ්ව විද්‍යාල වලට ඇතුලත් කර ගත් සිසුන් සංඛ්‍යාව 24128 යි. නමුත් 2018/2019 අධ්‍යයන වර්ෂයට සැලසුම් කළ ඉලක්කය 31185 ක්. එය සියයට විසි අටක වර්ධනයක්. ඒ වගේම ඉගෙන ගන්න දරුවන්ගේ මහපොළ ශිෂ්‍යත්වය දෙගුණ වෙලා තියෙනවා.

අද විශ්ව විද්‍යාලයක් පවත්වාගෙන යාමට පමණක් වසරකට රුපියල් බිලියන 40-45 කට වැඩි මුදලක් අවශ්‍ය වෙනවා. විශ්ව විද්‍යාල ආචාරවරුන්ගේ වැටුප තුන් ගුණයකින් වැඩි වෙලා තියෙනවා. මේ පඩි නඩි වල වු වෙනස්කම් නිසා අද විශ්ව විද්‍යාල වලට ආචාර්යවරු බදවා ගැනිමේ ශක්තිය ඇවිත් තියෙනවා.

මහ බැංකුවේ දර්ශකයට අනුව අවුරුදු 5 ට අඩු දරුවන් තවදුරටත් ජිවත් වීමේ අනුපාතය සියයට අනු නවයකට වඩා එහා ගොස් සිටිනවා. ඊට අපේ නිදහස් සෞඛ්‍ය හා සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය බලපාලා තියෙනවා. ඒ වගේම අවුරුදු 15- 60 ත් අතර වැඩ කරන අයගේ අනුපාතය සියයට 87 ක් තියෙනවා. මේවා ලෝකයේ දියුණු රටවල් වලට බොහෝ දුරට සමානයි.

ලෝක බැංකු වර්ගීකරණයට අනුව ශ‍්‍රි ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස පත් වෙලා තියෙනවා. මේ තත්ත්වයට එනකොට රටක් ලෙස අපිට විශාල අභියෝගයන් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. අපිට සහන, ආධාර ණය නැති වෙලා යනවා. ආධාර නැති වෙලා යනකොට අපි අභ්‍යන්තරයෙන් ඒ ප‍්‍රශ්නය විස`දන්නේ කොහොමද කියන එක මතු වෙනවා. අපි මෙතනින් එහාට වෘත්තිය ආර්ථිකය ආරක්ෂා කර ගන්න නම් අපිට අවශ්‍ය වෙනවා මානව ප‍්‍රාග් ධනයේ ඵලදායිත්වය වැඩි කර ගන්න. එහෙයින් මේ තත්ත්වය වටහාගෙන අපිව ඉදිරියට ගෙන යන්න පුලූවන් කාටද කියන එක අපි කල්පනා කළ යුතුයි.

ශානිකා මාධවී



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.