English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
සිරිසේනට වෙච්ච දේ සජිත්ට වෙන්න දෙන්න එපා!
(2019-10-15)

<< Go Back
Share |   


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයා එදා ඔහුව අඩි 06 ක් වලලන්න හිටපු අය එක්ක අඩි 06 ක් බුදිය ගන්න මේ අවුරුද්දේ ලෑස්ති වෙන තරමට වලපල්ලට ඇද වැටී ඇති බව අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා පවසයි.

කොළඹ පැවති රැස්වීමකදී ඔහු මෙසේද පැවසුවේය.

මට මතකයි 2015- දෙසැම්බර් 10 වෙනිදා මේ වගේම සිවිල් සංවිධාන එකතු වෙලා ජනාධිපති සිරිසේන ඒ කාලේ අපේ අපෙක්ෂකයව ගෙනල්ලා මේ වගේ එයාට බණ දෙසුවා. එදා ඔහු ඉස්සරහින්ම වාඩි වෙලා හිටියා. එදා මට තිබුණු කථාවේදි මං ඔහුට කිව්වා මං ඔයාව කවදාවත් අඳුරන්නේ නැහැ. කවදාවත් සිරිසේන මහත්තයා සිවිල් සංවිධාන එක්ක කොළයක් බෙදන්න, පාරේ පයින් යන්න, උද්ඝෝෂණයකට කවදාවත් අපි දැකලා තිබුණේ නැහැ. ඒ නිසා අපි කිව්වේ ඔයාව අපිට විශ්වාස නැහැ, ඔයාගේ හැසිරිම පිලිබඳ විශ්වාස කරන්න පහුගිය කාලේ කිසිම ලකුණක් පෙනුනේ නැහැ,නමුත් ඒ වෙලාවේ තිබු මහින්දගේ පාලනය පරාජය කිරිම සඳහා තමන්ගේ ජිවිතය පවා අතහැරලා ඉදිරියට ඒමට මේ හිටපු දේශපාලඥයින්ගේ තල්ලුවෙන් ඉදිරියට එන්න ධෛර්ය ගත්තු එක ගැන අපි යම් ගෞරවයක් තියමින් අපි විශ්වාස කරන්න සුදානම් බව කිව්වා. අපි කිව්වේ ඒ විශ්වාසය කඩ කරන්න එපා කියලා. ඒත් අපි පහුගිය කාලේ දැක්කේ ඔහු දිනෙන් දිනම වලපල්ලට යනවා. කොච්චර ගියාද කියතොත් අඩි 06 ක් වලලන්න හිටපු අය එක්ක අඩි 06 බුදියගන්න මේ අවුරුද්දේ ලෑස්ති වෙන තරමට ඔහු ආපස්සට වැටුණා. ඒ අතීතයත් මතක තියාගෙන තමයි අද සජිත් ප්‍රේමදාස මහත්තයා මෙතන හිටියනම් හොඳයි අපේ සැකය, අවිශ්වාසය කියන්න ඉඩ තිබුණානම් හොඳයි කියලා මං හිතනවා. මේ වැරැද්ද ආපහු කරන්න එපා.

මේ වෙලාවේ අපිට ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරිම සඳහා මේ වෙලාවේ අපට කිසිදු කොන්දේසියක් ,එකඟතාවයක් අවශ්‍ය නැහැ. නමුත් නැවත නැවත රැවැට්ටීම සහ පරාජය කිරිම තුල මේ රට වලපල්ලට යන එක නවත්වන්නත් බැහැ.මෛත්‍රිපාල සිරිසේනට වෙච්ච දේ මේ සැරේ ජයග්‍රහණයෙන් පස්සේ වෙනකාටවත් වෙන්න දෙන්න එපා. ඒ පරාජය කරන්නේ මේ රටේ ජනතාව. කොන්ද හදා ගන්න ඕනේ තමුන් කියපු දේවල් ඉෂ්ඨ කරන්න. ඬේසි ආච්චිලාගේ මැණික් මලු කොහේ ගියාද දන්නේ නැහැ. තාජුඩීන්ලගේ මරණ ගැන තවමත් පරික්ෂණ මිස ඉදිරියට යන්නේ නැහැ තවම, තරුණයෝ 11 ක් පැහැරගෙන ගිහිල්ලා ඉතාම පැහැදිලිව සාක්ෂි තියෙද්දි ඒකේ සාක්ෂිකාරයෝ ජනාධිපති අතින් උසස්වීම් ලබනවා. මේ වගේ තත්ත්වයක් තුල අපිට එක්තරා විදිහක සැකයකින් තමයි මේ උදව්ව කරන්න වෙන්නේ. අපි එක්සත් ජාතික පෙරමුණ ගැන, සජිත් ප්‍රේමදාස මහත්තයා ගැන මොනතරම් සැක, අවිශ්වාස නැති වුනත් එහා පැත්තේ ගෝඨාභය රාජපක්ෂ ඉද්දි ඒ සියල්ල අපට පසෙක තියන්න කිසිම අමාරුවක් නැහැ.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.