English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
“තමුසේ මගේ මුස්ලිම් ඡන්ද ටික කඩන්නද හදන්නේ ඕයි”
(2019-10-09)

<< Go Back
Share |   


මිනුවන්ගොඩ නගරයේ ඉකුත් කාලයේ සිදු වු කළහකාරි සිදු වීම් වලින් පසු නිහඬව සිටි පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද පිලිබඳ යළිත් කතාබහක් ඇති වුයේ මේ සතියේය. ඒ ඔහු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කරමින් ගම්මාන වලට ගොස් සිදු කළ පොකුරු දේශපාලන රැස්වීමකදී සිදු කළ කථාවක් නිසාය.

ඔහු පවසන්නේ හම්බයන් 3000 ක් මෙරටට පැමිණියේ 1924 දි බවය. ඒ හම්බයන් පැමිණිමේදි ඔවුන්ට ගෑණු සිටියේ නැති බවත් ඔවුන්ට ගෑණු වුයේ අපේ සිංහල මව්වරු බවත් දැන් මේ පොරෝගන මරක්කල ගති දදා යන්නේ ඒ සිංහල මව්වරු බවත්ය. ඒවා ගලවන්න  ගෝඨාභය රාජපක්ෂ දිනවිය යුතු බව මධුමාධව සඳහන් කරයි. ඔහුගේ මෙම ප්‍රකාශය ඇතුලත් වීඩීයෝව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නට පටන් ගැනීමත් සමඟ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට තරු විසික් වන්නට විය.

එතෙක් ඔහු මධුමාධවගේ මෙම ප්‍රකාශය දැන සිටියේ නැත. මෙම වීඩීයෝව දුටු විටම ඔහු මධුමාධවට දුරකථනයෙන් අමතා ඔහුගේ දෙමාපියන් සිහිකර බැන වැදී “තමුසේ මගේ මුස්ලිම් ඡන්ද ටික කඩන්නද ඕයි හදන්නේ” යැයි විමසා තිබේ.

මධුමාධව තවදුරටත් සිය කටයුතු වලට සම්බන්ධ කර ගතහොත් එය තමන්ට අවාසියක් බව වටහා ගත් පොදුජන පෙරමුණ ඔහුව ඉන් ඉවත් කිරිමට ක්‍රියා කළ අතර ඊයේ (08) දින ඔහු පිවිතුරු හෙළ උරුමයෙන්ද ඉවත් වී තිබේ.

මධුමාධව අරවින්ද ජාතිවාදය ඇවිස්සීමට උත්සහ කළ පළමු අවස්ථාව මෙය නොවන අතර මීට පෙරද කිහිප අවස්ථාවකදීම මුස්ලිම් ජනතාවට එරෙහිව කැරළි ගැසුවෙකි. ආසන්නතම සිදුවිම වුයේ පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු මිනුවන්ගොඩ නගරයේ ඇති වු කළහකාරි සිදුවීමය. ඔහු මිනුවන්ගොඩ පාලම මත ඒ අවස්ථාවේ සිටි බව පෙනුනත් ඔහු අවසානයේ එම චෝදනා වලින් නිදෝස් කිරිමට මිනුවන්ගොඩ අධිකරණය  පියවර ගෙන තිබුණි.

නමුත් එකී සිදුවීම පිටුපස ඔහුගේ බලවේගයක් තිබු බව සියලු දෙනාම දැන සිටි කරුණක් විය. එම සිදුවීමෙන් පසු නිහඬව සිටි මධුමාධව  මෙරටින් සියලු මුස්ලිම්වරුන් එළවීමට ගියේ ඇතැම් විට ගෝඨාභයගෙන් ලකුණු දමා ගැනීමට විය හැකිය. එහෙත් ඔහු නොදැනුවත්ම ලකුණු කපා ගත්තේය. ඒ ඔහුගේ කට නිසාය.

-මාධවී-

Face Book Video Link



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.