English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ගුවන්තොටුපළේ රැකියා!
(2019-10-08)

<< Go Back
Share |   


මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ප්‍රවාහන හා සිවිල් සේවා ගුවන් අමාත්‍යවරයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රැකියා ලබා දෙමින් සිටින බවට එම ගුවන්තොටුපළේ සේවකයින් විසින් අද (08) දින මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම් දී තිබේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාශය මැතිවරණ කොමිසමට දන්වා ඇත්තේ පුරප්පාඩු 33 ක් සඳහා පත් වීම් ලබා දෙන බවය. නමුත් ගුවන්තොටුපළේ අද දින පමණක් පොදු කාර්ය සහායක ලෙස 117 කුට පත් වීම් ලබා දී ඇති බව පැවසේ.

එමෙන්ම ඉකුත් 01 දා සිට මෙලෙස ගුවන්තොටුපල සහකාර කළමණාකරුවන් 12 ක් , රියදුරන් 26 ක්, කළමණාකරණ සහකාර ලෙස 35 ක්, හෙදියන් 08 ක්, ගුවන්තොටුපල කාර්ය සහායක සහායිකාවන් 40 ක් ආදි රැකියා ලබා දි ඇති බව ගුවන්තොටුපල සේවක සමිති පවසයි. මෙම පත් වීම් මෙම මස 15 දා සිට ක්‍රියාත්මක වන පරිදි ලබා දි ඇති බව එම ලිපි වල සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් අද දින ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාවද දැනුවත් කිරිමට පියවර ගෙන ඇති අතර මෙය සම්පුර්ණයෙන්ම මැතිවරණ කොමිසම නොමඟ යවමින් සිදු කරන ක්‍රියාවක් බවද ගුවන්තොටුපළ වෘත්තිය සමිති පෙන්වා දෙයි.

-ශානිකා-



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.