English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
35ක් නාමයෝජනා බාර දෙයි
(2019-10-07)

<< Go Back
Share |   




මෙවර ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් 41 දෙනෙකු ඇප තැන්පත් කර තිබු නමුත් අද ඉන් 35 දෙනෙකු ජනාධිපතිවරණය සදහා තරග කිරීමට නාම යෝජනාපත‍්‍ර භාර දී තිබේ. ඇප මුදල් තැනැපත් කරනු ලැබු 6 දෙනෙකු නාම යෝජනා භාරදී නොමැති අතර එම 6 දෙනා අතරට චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම යන අයද ඇතුලත්ය.

ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් ප‍්‍රමාණයක් තරගවදින ජනාධිපතිවරණය මෙය වන අතර, මින් පෙර 2010 වසරේ පැවැති ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයින් 22 දෙනෙකු තරග වැදී තිබුනි.

මෙවර ජනාධිපතිවරණය සදහා දේශපාලණ පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයින් 19 දෙනෙකු ද, ස්වාධින අපේක්ෂකයින් 19 ක හා පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය නොකරන අපේක්ෂකයින් 3  දෙදෙනෙකු ද සමගින් අපේක්ෂකයින් 41 දෙනෙකු  නමා යෝජනා ලබා දී තිබු අතර ඒ අයගේ නාම ලේඛණය පහත දැක් වේ.

දේශපාලන පක්‍ෂ අපේක්‍ෂකයන් (19)

අජන්තා පෙරේරා (ශ‍්‍රී ලංකාවේ සමාජවාදී පක්‍ෂය), සමන් පෙරේරා (අපේ ජන බල පක්‍ෂය), ගෝඨාභය රාජපක්‍ෂ (ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ), ආරියවංශ දිශානායක (ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ), සිරිතුංග ජයසූරිය (එක්සත් සමාජවාදී පක්‍ෂය), බැද්දෙගමගේ නන්දිමිත‍්‍ර (නව සම සමාජ පක්‍ෂය), වජිරපානි විජේසිරිවර්ධන (සමාජවාදී සමානතා පක්‍ෂය), සරත් මනමේන්ද්‍ර (නව සිහළ උරුමය), රොහාන් පල්ලෙවත්ත (ජාතික සංවර්ධන පෙරමුණ), ඒ. එස්. පී ලියනගේ (ශ‍්‍රී ලංකා කම්කරු පක්‍ෂය), බත්තරමුල්ලේ සීලරතන හිමි (ජනසෙත පෙරමුණ), සජිත් පේ‍්‍රමදාස (නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ), ජයන්ත ලියනගේ (සිංහලදීප ජාතික පෙරමුණ), දුමින්ද නාගමුව (පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය), මහේෂ් සේනානායක (ජාතික ජනතා පක්‍ෂය), අරුණ ද සොයිසා (ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරය), පි‍්‍රයන්ත එදිරිසිංහ (ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය), නාමල් රාජපක්‍ෂ (ජාතික සමගි පෙරමුණ), සුබ‍්‍රමනියම් ගුණරත්නම් (අපේ ජාතික පෙරමුණ).

ස්වාධීන අපේක්‍ෂකයන් (19)

ජයන්ත කැටගොඩ, සිරිපාල අමරසිංහ, අපරැක්කේ  පුඤ්ඤානන්ද හිමි, මිල්රෝයි ප‍්‍රනාන්දු, සමන්සිරි හේරත්, සරත් කීර්තිරත්න, අනුරුද්ධ පොල්ගම්පොළ, සමරවීර වීරවන්නි, අශෝක වඩිගමංගාව, බෂීර් සේගු දාවුඞ්, මොහොමඞ් ඉල්ලියාස්, පියසිරි විජේනායක, රජීව විජේසිංහ, කුමාර වෙල්ගම, එම්. කේ. සිවාජිලිංගම්, එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, අහමඞ් හසන් අලවි, ගුණපාල තිස්සකුට්ටිආරච්චි, මහීපාල හේරත්.

පිළිගත් දේශපාලන පක්‍ෂ නොවන පක්‍ෂවලින් (3)

අනුර කුමාර දිසානායක (ජාතික ජනබල ව්‍යාපාරය), චමල් රාජපක්‍ෂ (ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය), අජන්තා ද සොයිසා (රුහුණු ජනතා පෙරමුණ)

 



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.