English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
“සමාජ මාධ්‍ය භාවිතාවේ හෙට දවස” වැඩමුළුව
(2019-10-04)

<< Go Back
Share |   



“සමාජ මාධ්‍ය භාවිතාවේ හෙට දවස” වැඩමුළුව

සමාජ මාධ්‍ය භාවිතාවේ හෙට දවස නැමැති තේමාව යටතේ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරිමේ වැඩසටහනක් අද (04) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනයේ සුබසිංහ ශාලාවේදි පැවැත්විණි.

අයිතිය වෙබ් අඩවිය රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ අනුග්‍රහයෙන් පවත්වන ලද ජනමාධ්‍යවේදීන්ගේ එකමුතුව (Journalists Collective) මෙදින වැඩසටහන සඳහා සහභාගි වු අතර දිවයින පුරා විසිරී සිටින ප්‍රාදේශිය මාධ්‍යවේදීන්ද මෙදින මේ සඳහා සහභාගි කරවා ගනු ලැබුණි.

මෙහිදි සමාජ මාධ්‍ය, ප්‍රාදේශිය මාධ්‍යවේදීන්ගේ වර්තමාන තත්ත්වය, ඔවුන්ට එල්ල වී ඇති අභියෝග ආදිය පිලිබඳ පුළුල් ලෙස සාකච්ඡාවට ලක් විය. එමෙන්ම මාධ්‍යවේදියෙකු ලෙසින් ඔවුන්ට ඉදිරියේදි කළ හැකි කාර්යයන් පිලිබඳවද මෙහිදි සාකච්ඡා කෙරුණි.

මෙම අවස්ථාව සඳහා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ හා අයිතිය වෙබ් අඩවියේ කතෘ මණ්ඩල අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා ඇතුලු ආරාධිතයින් රැසක් එක්ව සිටියහ.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.