English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
නිසි ලියකියවිලි නැත්නම් ඝෝඨාබයට කොහෙත්ම බෑ! - නීතිඥ ජනක එදිරිසිංහ
(2019-10-04)

<< Go Back
Share |   



නිසි ලියකියවිලි නැත්නම් ඝෝඨාබයට කොහෙත්ම බෑ! - නීතිඥ ජනක එදිරිසිංහ

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් අයිතිය වෙබ් අඩවිය හා කරුණු දක්වමින් නීතීඥ ජානක එදිරිසිංහ මහතා දැක් වු අදහස් කීපයකි.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවශ්‍යතාව දැන් ඒ පවුලේ සහෝදරයෙක් විසින් ප්‍රකාශයට පත් කරලා ඉවරයි. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි ප්‍රකාශයට පත් කළේ මගේ මල්ලී තමයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කියලා. ඒක ප්‍රකාශයට පත් කළාට පසුව අපේ රටේ නීතිය හැටියට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සුදුසුකම් තියෙන්න ඕනේ. ඒ වගේම එහෙම ඉදිරිපත් වෙන්න බැරි නුසුදුසුකමුත් තියෙනවා. ලංකාවේ පුරවැසියෙක් නොවන කෙනෙකුට කිසිසෙත්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැහැ. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්න සුදුසුකම් නැති අයෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නත් බැහැ කියලා. එතකොට ද්විත්ව පුරවැසිකම කියන දේ කිසිසේත්ම පාර්ලිමේන්තු මැතිවරණයකදී පාර්ලිමේන්තුවේ තෝරාගත් මන්ත්‍රීධුරයක් දරන්නට නුසුදුසු වෙනවා. ඒ අනුව ඒ නුසුදුසුකම ජනාධිපතිධුරයකටත් නුසුදුසුකමක් වෙනවා.මේ ගැටලුවේදි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මීට දින දෙකකට කලින් ප්‍රකාශයක් කරනවා 2006 දී තමන්ගේ සහෝදරයගේ ඇරයුම පිට ඇමරිකානු පුරවැසියෙක් ලෙස ලංකාවට ආවා. ඇවිත් ඒ පුරවැසිකම එලෙසම තියාගෙන මම ලංකාවේ පුරවැසිකමත් ඉල්ලුවා කියන එක. ඒ අනුව ලංකාවේ දෙවැනි පුරවැසිකම ලබා ගත්තා.

ඒ අනුව ගෝඨාභය රජපක්ෂ මහත්තයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුලුවන්ද කියන ගැටලුව මතු වෙනවා. මේ ගැටලුව නිරාකරණය වෙන්න නම් ඇමරිකානු රජය විසින් ඔහු පුරවැසිභාවය ඉවත් කළ බවට නිල ස්ථිර ප්‍රකාශයක් කරන්න අවශ්‍යයයි. ඒ වගේම ඒ ලේඛණයත් ලබා දෙන්න ඕනේ. ඒ වුණාට අද වෙනකම් එවැනි ලේඛණයක් සපයා දී නැති බව ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ කථාවෙන්ම පේනවා. ඒ කියන්නේ ඔහු කියනවා මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්න ඕනේ නිසා ඉල්ලුම් කළා කියලා. නමුත් ඉල්ලුම් කළ දේ ස්ථිර කළා, අනුමත කළා, පුරවැසිකම ඉවත් කළා කියලා, අහෝසි කළ බවට ලේඛණයක් ලැබුණු බව ඔහු කියන්නේ නැහැ. එහෙමනම් ලප් තැනම ලොප් වෙලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැරි බව පැහැදිලියි ඔහුගේ කථාව ඇතුලේ.

මේ රට තරම් මහජනතාව රැවටීමට ලක් වෙන රටක් ආසියාවේම තරම් ලෝකයේ කිසිදු කලාපයක නැහැ.මේ රටේ තරම් මහජනයා කැමැත්තෙන් රැවටෙන රටකුත් මගේ දැනීමේ හැටියට ලෝකයේ කොහෙවත් නැහැ.මේ තත්ත්වයට දිය හැකි හොඳම විසඳුම කුමක්ද?

සම්පුර්ණ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන්...




Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.