English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ගැන කතා කරන්නේ නැහැ
(2019-10-03)

<< Go Back
Share |   




ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ගැන කතා කරන්නේ නැහැ

ගෝ්ඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ සමයේ මානව හිමිකම් ගැන වැඩ කරපු පිරිස් දේශද්‍රෝහීන් ලෙසත් ඔවුන් සම`ග කටයුතු කරනු ලබ අය දේශපේ‍්‍රමී ලෙසත් සලකනු ලැබුවා. ඔහු ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ දිනෙන් පසුව හෝ ඔහු මානව හිමිකම් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ගැන කතා කරනු ඇසුනේ නැහැ. ඔහුගේ මූලික තේමව වී තිබෙන්නේ විනය, ජාතික ආරක්ෂාව හා සංවර්ධනයි.

අනෙක් පැත්තෙන් ඉදිරිපත් වී ඇති සජිත් පේ‍්‍රමදාස මහතාත් ඉහත මාතෘකා ගැන ඔහුගේ ඇති උනන්දුව පිළිබදව අපට අවබෝධයක් තිබෙනවා. ඔහු හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ පුතෙකු ලෙස ඉදිරිපත් වීම පමණක් ප‍්‍රමාණවත් බවයි සිතන්නෙ. එක්සත් ජාතික පක්ෂය නැවත පේ‍්‍රමදාස යුගයට ගෙන යාමටයි ඔහු ඉදිරිපත්ව සිටින බවයි පෙනෙන්නට තිබෙන්නෙ.

රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිගේ අභාවයෙන් පසුව කොළඹ උසස් පැලැන්තියේ අය එක්සත් ජාතික පක්ෂයේ නායකකම අතට ගත් නිසා, 40% ක් පමණ තිබු එජාප ඡුන්ද පදනම 30% පමණ පහළ ගොස් ඇති බවත්, එය නැවත ගොඩනැගීම සදහා තමන් ඉදිරිපත් විය යුතුයි යන්න ඔහුගේ තර්කය වී තිබෙන්නෙ.

ඔහුගේ වේදිකාවේත් සංවර්ධනය ගැන කථා කරනවා මිස ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කථා කෙරෙන්නේ නැහැ. ඔහුගේ අපේක්ෂකත්වය ලබා ගැනීමට තිබු අවසන් දවසේ සාකච්ඡුාවෙන් පසු බලය බෙදීම ගැන ප‍්‍රශ්න කිරිමේදි පවසා සිටියේ ඒකීය රාජ්‍යයක් තුල උපරිම ලෙස බලය බෙදනවා යන්නයි ඔහුගෙන් ප‍්‍රකාශ වුයේ. නමුත් ඔහු එය විග‍්‍රහ කිරිමේදි පෙනී ගියේ ඒකීය භාවය යන්න ඔහු දන්නේ නැති බවයි. මන්ද එය නෛතිකව ව්‍යවස්ථාවෙන් ඉදිරිපත් කළ යුතු දෙයක් මිස හිතෙන්, පපුවෙන් ඉදිරිපත් කළ යුතු දෙයක් නොවෙයි. ඒ නිසා මෙහිදි අපට හැගී ගියේ ඔහු එය නොදන්නා බව හෝ ඊට එකග නැති බවයි.

මෙවන් ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙක් සිටින අවස්ථාවකදී සිවිල් දේශපාලන අයිතිවාසිකම්, මානව හිමිකම් ගැන වැඩ කිරිමට ඇති සන්දර්භය පිලිබ`ද අප අලූතින් සිතිය යුතුයි. මෙවන් සන්දර්භයක් තුල සිවිල් හා දේශපාලන අයිතීන්ට මොනවා වෙයිදෝ කියන එක පිලිබ`ද සැකයක් නැතහොත් අවිනිශ්චිත භාවයක් ඇතිවී තිබෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි විය යුතුයි කියන මාතෘකාවට යම් කිසි පිළිගැනීමක් ඉදිරියේදි තිබේවි යන්න අපට විශ්වාස කළ හැකිය. නමුත් ඒ පිළිගැනීම අන් දේ වලටත් තිබේද යන්න පැවසීමට නොහැකියි.

අප දන්නා පරිදි 2020 මාර්තු ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීමට ලංකාව වාර්තාවක් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. එය ඉලක්ක කර ගෙන අපට ඉදිරි වැඩ කළ හැකියි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පත් වුවහොත් ඔහු දක්වන ප‍්‍රතිචාරය සිතා ගැනීමට පවා නොහැකිය. සමහර විට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට වාර්තා සැපයීම ඔහුට අදාල නොමැති කාර්යක් බව පවා පැවසිය හැකියි.
නමුත් සජිත් පේ‍්‍රමදාස මහතාට එසේ පැවසීමට හැකියාවක් නැහැ. මෙහි දී පේ‍්‍රමදාස මහතාට එක වාසියක් තිබෙනවා. ඒ මේ ආණ්ඩුව පසුගිය කාලය තුළ කරනු ලැබූ වැදගත් ප‍්‍රථිසංස්කරණයන් ගැන වාර්තා කිරීමට හැකි වීමයි. එහි දී ශී‍්‍ර ලංකා රජය ලබා ගත් ප‍්‍රගතීන් පිලිබද මෙහිදි වාර්තා කිරිමට හැකියාවක් තිබේවි.

නමුත්, රජය විසින් මෙතෙක් ඉටු නොකරපු පොරොන්දු පිලිබදවත් ඒවා ඉටු කිරීම සදහා රජයේ කැපවීම හා උනන්දුව පිළිබදව නිශ්චිතව කිසිවක් පැවසිය නොහැකියි. සත්‍ය සෙවීමේ කොමිසම පත් කරන්න පොරොන්දු වී තිබුණත් එය තාම ඉටු වුණේ නැහැ. ඒ පිලිබද කුමන ස්ථාවරයක් ගන්නේද, නැතහොත් ත‍්‍රස්ත‍්‍ර වීරෝධි පනත අහෝසි කිරීම සම්බන්ධව කුමන ස්ථාවරයක් ගනීද යන්න නිශ්චිතව කිව නොහැකියි. නමුත් මේවා ඉලක්ක කර යම්කිසි බලපෑමක් කිරිමේ හැකියාවක් අපට පවතී. අපි හැකි තරම් ඒ වෙනුවෙන් කටයුතු කළ යුතු බව මා යෝජනා කර සිටිනවා.

වධහිංසාව ඇතුලූ මානව හිමිකම් සම්බන්ධයෙන් නීති කිහිපයක් අනුමත වී තිබුණත් ඒවා කොතෙක් දුරට ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක වන්නේද යන්න ගැටලූවක්. අතීතයේ මෙන් දරුණු වධහිංසා වර්තමානයේ ඇතැයි මා සිතන්නේ නැහැ. නමුත් වධහිංසාව තවමත් පවතින බව මා දන්නවා. මේ වධහිංසාවේද විවිධ මුහුණුවර තිබෙනවා. ඒවා පිලිබද අප විමසිලමත් විය යුතුයි. ඒවා නැවැත්වීමට නම් අප ප‍්‍රතිසංස්කරණ වලට යොමු විය යුතුය. මේවාට දත්ත පද්ධතියක් සකසා ගැනීම ඉතාම වැදගත්.
එමෙන්ම පොලිසියට ලබා දෙන පොලිස් පුහුණු වීම් ඔවුන් නිසි ලෙස භාවිතා කරන්නේද යන්න සොයා බලා තොරතුරු ලබා ගත යුතුයි. එපමණක් නොව නීති සේවාවේද ප‍්‍රතිසංස්කරණය අත්‍යවශ්‍ය වි තිබෙනවා. උදාහරණයක් ලෙස වධහිංසාවට එරෙහිව කටයුතු කිරිමේදි නීතිපති දෙපාර්තමේන්තුව ඉතා වැදගත් ආයතනයක්. නමුත් ඔවුන්ට ඒ කටයුත්ත නිසියාකාරව කරගෙන යාමේ හැකියාවක් දැනට නැහැ.

නීතිපති දෙපාර්තමේන්තුව රජයට උපදෙස් දෙන අවස්ථාවේදිම ඔවුන් රජය වෙනුවෙන් පෙනී සිටිමක්ද සිදු කරනු ලබනවා. රජයට උපදෙස් දීම හා නඩු පැවරීම යන දෙකම එකම තැනක තිබිම සුදුසු නැහැ. එය වෙන් කළ යුතුයි.

විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවණමුත්තු මහතා මෙම අදහස් ප‍්‍රකාශ කලේ වදහිංසාවට එරෙහිව ශී‍්‍ර ලංකික එකමුතුව විසින් සංවිධානය කළ උත්සවයක ප‍්‍රධාන දේශණයක දීය. මෙම උත්සවය පසුගිය සැප්තැම්බර් 30 වන දා වැල්ලවත්ත මිරාජ් හෝටලයේ දී පැවැත් විය.




Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.