English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
වත්කම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ කැබිනට් ඇමතිවරු 8 කට එරෙහිව පැමිණිලි
(2019-09-10)

<< Go Back
Share |   



වත්කම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ කැබිනට් ඇමතිවරු 8 කට එරෙහිව පැමිණිලි

2018/2019 වර්ෂ සඳහා වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ කැබිනට් අමාත්‍යවරුන් 8 දෙනෙක්ට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මගින් අද දින අල්ලස් කොමිසම වෙත පැමිණිලි ගොනු කරන ලදී.

මෙලෙස වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් අමාත්‍යවරුන් වන්නේ සජිත් ප්‍රේමදාසනවීන් දිසානායකහරීන් ප්‍රනාන්දු, අකිල විරාජ් කාරියවසම්රවී කරුනානායකගයන්ත කරුණාතිලක, මනෝ ගනේෂන්එම්.එච්.ඒ හලීම් යන අමාත්‍යවරුන්ය.

වත්කම් බැරකම් ප්‍රකාශන නීතියට අනුව අගෝස්තු 20 වන දිනට පෙර වත්කම් බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කල යුතු අතර කැබිනට් අමාත්‍යවරුන් ඒවා ඉදිරිපත් කල යුතු වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙතයි.

මෙකී අමාත්‍යවරුන් වත්කම් බැරකම් ප්‍රකාශන ලබා දී නොමැති බව හෙළිදරව් කරගෙන් ඇත්තේ යහපාලනය වෙනුවෙන් වූ ජනතාවගේ ඉල්ලීම මත වර්තමාන ආණ්ඩුවම බලයට පත් වූ පසු සම්මත කරන ලද තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරන ලද ඉල්ලීමක් මගින්ය.

මේ ආකාරයට පවතින නීතිය ක්‍රියාත්මක කර ගැනීම සඳහා අතිශයින්ම අත්‍යවශ්‍ය තොරතුරු තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා ගැනීමට හැකියාව ලැබී ඇති අතර එය නීතියේ පාලනය ස්ථාපිත කිරීම වෙනුවෙන් වූ ඉතා වැදගත් පියවරකි.






Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.