English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
අතුරුදහන්වුවන්ගේ පවුල් වලට රුපියල් 6000 නොවැම්බර් 01 දා සිට
(2019-09-10)

<< Go Back
Share |   



අතුරුදහන්වුවන්ගේ පවුල් වලට රුපියල් 6000 නොවැම්බර් 01 දා සිට

අතුරැදහන්වුවන්ගේ කාර්යාලය විසින් ඉදිරිපත්කළ අතුරැ වාර්තාව අනුව අතුරුදහන්වුවන්ගේ පවුල් වලට නොවැම්බර් මස 01 දා සිට රුපියල් 6000 ක දීමනාවක් ලබා දීමට කටයුතු කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම මෙහිදි අතුරුදහන් වුවන්ගේ පවුල්වල කෙනෙකු ස්වයං රැකියාවක නිරත වේ නම් ඔහුට හෝ ඇයට ඇපකරුවන් නොමැතිව රුපියල් ලක්ෂ 15 ක ණය මුදලක් ලබා දීමට ක‍්‍රියා කරන බවද මුදල් අමාත්‍යාංශය පවසයි.

උතුරේ -දකුණේ මෙන්ම පොලිසිය හා ත‍්‍රිවිධ හමුදාවේද අතුරුදහන් වුවන්ට මෙම දීමනාවට හිමිකම් ලබා ගැනීමට හැකිය. මෙහිදි අවශ්‍ය වන්නේ තම ඥාතියා අතුරුදහන් වූ බවට රෙජිස්ටර් ජෙනරල් දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන දක්නට නොමැති බවට වු සහතිකය හෙවත් නොදුටු සහතිකයයි.

තමන්ගේ පවුලේ ඥාතීයා අතුරුදහන් බවට මෙතෙක් නොදුටු සහතිකයක් ලබා නොගත් අයෙක් වේ නම් අතුරුදහන් වු තැනැත්තන් පිලිබද වු කාර්යාලය මගින් සකසා ඇති පෝරමය පුරවා, තමන් පදිංචි ප්‍රදේශයේ ග්‍රාමසේවක මහතා හරහා ප්‍රදේශීය ලේකම් මගින් සහතික කර ඒම ලියවිලි රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවට ඉදිරිපත්කර නොදුටු සහතිකය ලබා ගෙන ඒය වන්දි ලබාදීමේ කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුය.

එමෙන්ම තමන්ගේ ඥාතීයා අතරුදහන්ව සිටියදිත් මරණ සහතික ලබා ගෙන තිබේ නම් එම සහතිකය නැවත නොදුටු සහතිකයක් බවට පත් කර ගැනිමෙන් පසු මෙකි දීමනාවට හිමිකම් කිව හැකිව තිබේ.

ශානිකා මාධවී


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.