English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
පොලිස් කොමිසමේ ලේකම් තවමත් ජයවර්ධනපුර රෝහලේ!
(2019-09-10)

<< Go Back
Share |   



පොලිස් කොමිසමේ ලේකම් තවමත් ජයවර්ධනපුර රෝහලේ!

ඇවන්ගාඩ් නෞකාවේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධව සුප‍්‍රකට ඇවැන්ගාඩ් නඩුව පසුගියදා ගාලූ මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී පැවැති අතර, විත්තිකරුවන් හතර දෙනාම නැවතත් ලබන 20 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාලූ මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය. එහි දී මෙහි හත්වෙනි විත්තිකරුවන ජාතික පොලිස් කොමිසමේ හිටපු ලේකම් සමන් දිසානායක මහතා තව දුරටත් ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ සිට ප‍්‍රථිකාර ලබා ගැනීමට සදහා අවසර ලබා දෙන ලෙස ඔහුගේ නීතිඥයින් විසින් අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර, ඒ සම්බන්ධව සොයා බලා සුදුසු පියවර ගන්නා ලෙස මහේස්ත‍්‍රාත්වරයා විසින් බන්ධනාගාර අධිකාරියට දැනුම් දුන්නාය.

ජාතික පොලිස් කොමිසමේ ලේකම් ලෙස කටයුතු කරනු ලැබූ ඩ්.එම් සමන් දිසානායක මහතා පසුගිය ජූලි 18 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඊට පසු දිනම අසනීපව ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කරනු ලැබූ බවට වාර්තා විය.

මෙම නඩුව සම්බන්ධව විත්තිකරුවන් හත්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර, සමන් දිසානායක මහතාට අමතරව, රක්නා ලංකා සභාපති වික්ටර් සමරවීර, විශ‍්‍රාමික මේජර් ජෙනරාල්වරු වන පාලිත වඩුගේ හා කරුණාරත්න බණ්ඩා යන අය දැනට රක්ෂිත බන්ධානාගාර ගතව සිටී.  
   


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.