English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
සෙල්ලන් පිස්තෝල නගරාධිපතිට තවත් නඩුවක්...
(2019-09-09)

<< Go Back
Share |   


දකුණු පළාත් සභා මැතිවරණ සමයේ දී අම්බලන්තොට පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරැවෙකුට පහර දී බලහත්කාරයෙන් පැහැරගෙන යාමට තැත්කිරීම හා පොලිස් රාජකාරියට භාදා කිරීම සිද්ධියට අදාලව  සෙල්ලම් පිස්තෝල නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු ඇතුලු තවත් පුද්ගලයෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරැ විසින් අධිචෝදනා භාරදෙනු ලැබීය.

2014 මාර්තු 27 වන දින හම්බන්තොට ප්‍රාදේශීය සභා මන්ත්‍රී කසුන් නිලංනජන නැමැත්තාට පිහියෙන් ඇන තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය විසින් අත්අඩංගුව ගනු ලැබූ සැකකරැවන් දෙදෙනා තමුන්ට ලබා දෙන ලෙස ඉල්ලා ඒක් සැක කරැවෙකුට පොලීසිය තුළ දී පහරදී ඔවුන් පැහැරගෙන යාමට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු ඇතුලු ඔහු සමග පැමිණි සිටි 30 දෙනෙකුගේ පමණ යුතු කණ්ඩායමක් විසින් කටයුතු කර තිබේ.

මෙම කලබලය  පොලීසියට පාලන කර ගැනීමට නොහැකිවන මට්ටමට දුර දිග ගොස් ඇති අතර, පසුව පොලීසිය විසින් අහසට වෙඩි තබා ඒම පිරිස පලවා හරිමින් තත්ත්වය පාලනය කර ඇත. පසුව මෙම සිද්ධිය සම්බන්ධව කොළඹ පොලිස් විශේෂ විමර්ෂන ඒ්කකය විසින් කරනු ලැබූ පරීක්ෂණයෙන් අනතුරැව, සිද්ධිය වී අවුරැදු 5කට පසුව  නීතිපතිවරයා විසින් නීති විරෝධී රැස්වීමක සමාජිකයින් වීම, පුද්ගලයෙකුට අතින් පයින් පහර දී තුවාල සිදු කිරීම, රාජකාරියට භාදා කිරීම ඇතුලු චෝදනා 5ක් යටතේ සෙල්ලම් පිස්තෝල නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු හා විශ්‍රාමික යුධ හමුදා මේජර් වරයෙකුවන ඒච්. රංජිත් කුමාර යන අයට මෙසේ අධිචෝදනා ගොනු කිරීම සිදු විය.

මත්තල ගුවන් තොටුපල නැරඹිමට ගිය එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් පිරිසකට පිස්තෝලයක් පෙන්වා මරණිය තර්ජනයකර පහර දිමේ සිද්ධියට අදාලව වසර 5ක සිරදඩුවම් විදිමින් සිටින නගරාධිපතිවරායට අධිචෝදනා භාරදීමෙන් පසුව රැපියල් 15,000 බැගින් වූ මුදල් ඇපයක් හා රැපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත ඒම නඩුවෙන් සැකකරැවන් මුදා හැරීමට මහාධිකරණ විනිසුරැවරයා නියෝග කළේය.

 

 

 


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.