English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
ඇල්පිටිය ඡන්ද විමසීමට අදාලව විශේෂ මෙහෙයුම් මැදිරියක්!
(2019-09-09)

<< Go Back
Share |   


ඇල්පිටිය ඡන්ද විමසීමට අදාලව විශේෂ මෙහෙයුම් මැදිරියක්!

ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ පලාත් පාලන ඡන්ද විමසීමට අදාලව ඇල්පිටිය කොට්ඨාශය තුල විශේෂ මෙහෙයුම් මැදිරියක් සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කර තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝම්බර් මස 11 වෙනි දින පැවැත්වීමට නියමිතව ඇත. මෙම ඡන්ද විමසීම ඇල්පිටිය හා පිටිගල පොලිස් වසම් වල ඡන්ද මධ්‍යස්ථාන 47 කදී සිදු කෙරේ.

මෙම ඡන්ද විමසීමට අදාලව ලැබෙන පැමිණිලි විභාග කිරිම සඳහා මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය පිහිටුවා තිබේ. මෙය ඡන්ද විමසීම් අවසන් වී නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක වේ.

එමෙන්ම මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස බස්නාහිර පළාත හා රථවාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගණවර්ධන මහතාව පත් කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

 

-ශානිකා මාධවී-


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.