English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අපේක්ෂා කරන යුක්තිය තවමත් ලැබිලා නැහැ - නිලාර් එන්. කාසිම්
(2019-09-07)

<< Go Back
Share |   




අතුරුදහන් වුවන් පිලිබද තේමා කරගනු ලැබු ගීතයක් ඉකුත්දා බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර දිනයේදි ජන ගත කෙරුණි. මෙම ගීතය රචනා කර තිබුණේ ප‍්‍රවීණ ගීත රචක, මාධ්‍යවේදි නිලාර් එන්. කාසිම් මහතා විසිනි. ඒ අතුරුදහන් වුවන්ගේ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ ඉල්ලීමක් අනුවය. වසර විසි පහක කාලයක් සංගීත ක්ෂේත‍්‍රයේ හා මාධ්‍ය කලාවේ නිරත නිලාර් එම්. කාසිම් මහතා ඇතැම් විටෙක සංහි`දියාවේ පාලමක් බදුය.

බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් වලට එරෙහි දිනය ඉකුත් අගෝස්තු මස 30 වෙනි දිනට යෙදි තිබුනි. ඒ පිලිබද විශේෂ උත්සවයක් අතුරුදහන් වු තැනැත්තන් පිලිබද වු කාර්යාලයෙන් සංවිධානය කර තිබුණි. එකී උළෙල නම් කර තිබුණේ අපේ බලාපොරොත්තුව ලෙසිනි. මෙහිදි උතුරේ සහ දකුණේ අතුරුදහන් වු පුද්ගලයින්ගේ පවුල් වල ඥාතීන් මෙදින මීට එක්ව සිටියහ.

මෙම අවස්ථාවේදි මෙම ගීතය ජනගත කෙරුණි. මේ ගීතය පිලිබ`ද ’අයිතිය’ වෙබ් අඩවිය ප‍්‍රවීණ ගීත රචක, මාධ්‍යවේදි නිලාර් එන්. කාසිම් මහතාගෙන් විමසා සිටියෙමු.

අපේ සමීපතමයන් අතුරුදහන් වීම් පිලිබද අපට අත්දැකීම් තියෙනවා. විශේෂයෙන් 1988-89 කාලයේ අපේම වු දකුණේ අත්දැකීම් තියෙනවා. ඒ වගේම අහපු, දැකපු දේවල් තියෙනවා. විශේෂයෙන් යුද්ධය පැවති කාලයේ උතුරේ වුණ අතුරුදහන් වීම්, මේ සියලූම අතුරුදහන් වු මිනිසුන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්, හිතමිත‍්‍රාදීන් අපේක්ෂා කරන යුක්තිය තවමත් ලැබිලා නැහැ. ඔවුන්ට තියෙනවා මේ පිලිබද වේදනාවක්. නමුත් මම මේ ලියපු ගීතය තුලින් වේදනාව ප‍්‍රකාශ කරලා නතර වුනේ නැහැ. අපි මෙවැනි සිද්ධීන් වලදි හුදෙක් අඩලා දොඩලා, නිහඩව ඉදලා වැඩක් නැහැ. ඉන් එහාට අපි සිවිල් සමාජයක් විදිහට සක‍්‍රිය වෙන්න  ඕනේ අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ට යුක්තිය ඉෂ්ඨ කර ගන්න. ඉතිහාසය දෙස බලා අපි සත්‍ය මතු කර ගන්න  ඕනේ ඒ සිදු වු සිදු වීම් වලදි කවුද චුදිතයා කවුද මේ සිදුවීම් සිද්ධ කළේ, ඒ කවර වු දේශපාලන අරමුණක් මතද මේවා සිදු වුනේ. යළි එවැන්නක් සිදු නොවීම සදහා අපි සවිඥානක වෙන්න  ඕනේ කොහොමද? අපි සක‍්‍රිය වෙන්න  ඕනේ කොහොමද? කියලා, මෙන්න මේ යථාර්ථය, සංඥාර්ථය ප‍්‍රකාශ කිරිම සදහා තමා මේ ගීතය ලියවුනේ.

මේ අතර ප‍්‍රවීණ ගීත රචක, මාධ්‍යවේදි නිලාර් එන්. කාසිම් මහතා අධ්‍යාපනය ලද ශ‍්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අංශය ම`ගින් සංවිධානය කර තිබු විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙලේදි වසරේ විශිෂ්ටතම ගේය පද සංග‍්‍රහය වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලැබීය.

වසර ගණනාවක් ඇණහිට තිබු මෙම විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල මෙවර පැවැත්වුයේ ඉකුත් 03 දා මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙනි. මෙහිදි නිලාර් මහතාගේ කලා දිවියට වසර විසි පහක් නිමිත්තෙන් ඉකුත් වසරේදි එළිදක්වන ලද සරස වසන්තය ගේය පද සංග‍්‍රහය වෙනුවෙන් මෙම සම්මානය හිමි විය. මෙහිදි විශිෂ්ටතම කාව්‍ය සංග‍්‍රහය වෙනුවෙන් ටිම්රාන් කීර්ති, විශිෂ්ටතම කෙටිකතා සංග‍්‍රහය වෙනුවෙන් ප‍්‍රභාත් ජයසිංහ, විශිෂ්ටතම නවකතාව වෙනුවෙන් විරාජිනී තෙන්නකෝන්  හා විශිෂ්ටතම පුවත්පත් තීරු ලිපි සංග‍්‍රහය වෙනුවෙන් ප‍්‍රවීණ මාධ්‍යවේදි සුන්දර නිහතමානීද මැල් යන අය මෙහිදි සම්මානයෙන් පිදුම් ලැබුහ.

-ශානිකා මාධවී-



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.