English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
උදේ කියන දේ සවසට අමතක කළ අපේ නිරිඳු!
(2019-09-06)

<< Go Back
Share |   



ශී‍්‍රලනිප 68 වන සංවත්සරයේ දී රටේ නායකයා ලෙසත්, එම පක්ෂයේ සභාපති ලෙසත් ජනාධිපතිවරයා වසින් කරනු ලැබු කතාව පිළිබදව බොහෝ දෙනාගේ අවධානය යොමු වය. ලියාගෙන පැමිණි කතාව අතරමග දී නතර කරනු ලැබු ජනාධිපතිවරයා අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධවත්, බැදුම්කර මගඩිය සම්බන්ධවත් අන්දෝලානාත්මක ප‍්‍රකාශ කිහිපයක් සිදු කරනු ලැබීය.

මෙහි දී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකරන්නැයි තමා කීවත්, පාර්ලිමේන්තුවේ සිටි ලොකු මහත්වරුන් විසින් එය සිදු නොකල බවත්, නමුත්, ඒ සදහා කෝටි ගනන් මුදල් වැය කළ බවත්, අත්දැකීම් ලබා ගැනීමේ මුවාවෙන් මන්තී‍්‍රවරු ලෝකය පුරා රවුම් ගැසු බවටත් චෝදනා කර සිටියාය.     

වර්තමාන ජනාධිපතිවරයා එම ධුරයට පත්කරනු ලැබුවේ කෙටි කාලයක් තුළ ජනාධිපති ක‍්‍රමය සම්පුර්ණයෙන් අහෝසිකරන අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම සදහාය. ආරම්භයේ එම වැඩසටහන ඉතා සාර්ථකව සිදු විය. ඒ සදහා පාර්ලිමේන්තුවේද අනුමැතිය ලැබු අතර, අගමැතිවරයාගේ ප‍්‍රමුඛත්වයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවක් පත්කරනු ලැබූහ. එමගින් ව්‍යවස්ථා සම්පදනයේ දී වැදගත් විශයන් පිළිබදව කරුනු දැක්වීම සදහා තවත් අනු කමිටු 6ක් පිහිටුවනු ලැබූ අතර, අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සදහා   මහජන අදහස් ලබා ගැනීමක්ද එමගින් සිදු විය.

මන්දගාමීව වුවත් ක‍්‍රමයෙන් ඉදිරියට ගිය මෙම අලූත් ව්‍යවස්ථාවක් සකස්කිරීමේ කි‍්‍රයාවලිය සම්පුර්ණයෙන් ඇණ හිටින්නේ ජනාධිපතිවරයා සභාපතිත්වය දරණ ශී‍්‍රලනිපය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට එකග නැති බවට ලිඛිතව දන්වා තිබු නිසාවෙනි. ජනාධිතිවරයා නායකත්වය දරණ මධ්‍යම කාරක සභාවක දී එම තීන්දුව ගනු ලැබූ අතර, දැනට පවතින විධායක ජනාධිපති ක‍්‍රමයේ වැදගත්කමත්, එය අහෝසි කිරීමෙන් සිදු විය හැකි හානීන් පිළිබදවත් ශී‍්‍රලනිපය විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කල වාර්තාවක් මගින් පෙන්වා දී තිබුනි. මෙම වාර්තාවත් සමග ඉබි ගමනේ ගිය මෙම කි‍්‍රයාවලිය සම්පුර්ණයෙන් ඇණ හිටිනි.

මෙම කි‍්‍රයාවලිය ප‍්‍රමාද වීමට ද ප‍්‍රධාන හේතුවක් වුයේ, ශී‍්‍රලනිපය තමන්ගේ ස්ථාවරයන් ප‍්‍රකාශ කිරීම දිගින් දිගටම ප‍්‍රමාද කරමින් හොර ගල් අහුලමින් සිටි නිසාය.





Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.