English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
හමුදා නිලධාරීන් නව දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට නීතිපති සූදානම් : එක්නැලිගොඩ අතුරුදහන් කරවීම
(2019-08-10)

<< Go Back
Share |   



හමුදා නිලධාරීන් නව දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට නීතිපති සූදානම් : එක්නැලිගොඩ අතුරුදහන් කරවීම

මාධ්‍යවේදී එක්නැලිගොඩ අතුරුදහන් කරවීමට අදාළ නඩුව සඳහා ත්‍රි පුද්ගල මහාධිකරණයක් පත් කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුතුමාගෙන් ඉල්ලා සිටි බවට අප මෙයට පෙර වාර්තා කරන ලදී.

මේ වන විට සැකකාර හමුදා නිලධාරීන් නව දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට අදාළ කටයුතු නීතිපතිවරයා අවසන් කොට ඇති බව www.dailymirror.lkවෙබ් අඩවිය  වාර්තා කරයි. ඔවුනට අධිචෝදනා ගොනු කෙරෙන්නේ එක්නැලිගොඩ පැහැරගෙන යාම හා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනා යටතේය.

එකී අධීචෝදනා ගොනු කිරීමට නියමිත චූදිත හමුදා නිලධාරීන් වන්නේ ලුතිනන් කර්නල් ෂම්මි අර්ජුන් කුමාරරත්න, ආර්.එම්.පී.කේ රාජපක්ෂ හෙවත් නාතන්, ඩබ්.වී ප්‍රියන්ත ඩිලන්ජන් උපසේන හෙවත් සුරේෂ්, සෙනවිරත්න මුදියන්සේලාගේ රවීන්ද්‍ර රූපසේන හෙවත් රන්ජි, යාපා මුදියන්සේලාගේ චමින්ද කුමාර අබේරත්න, සෙනවිරත්න මුදියන්සේලාගේ කණිෂ්ක ගුණරත්න, අයියසාමි බාලසුබ්‍රමනියම්, දන්ගහ ගමරාළගේ තරංග ප්‍රසාද් ගමගේ හා ටී..ආර් පීරිස් යන අයයි.

මෙම මාධ්‍යවේදී ප්‍රගීක් එක්නැලිගොඩ අතුරුදහන් කරවීමේ සිදුවී‍ම ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද ආන්දෝලනයට ලක් වූ සිදුවීමක් වූ අතර ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ජාත්‍යන්තර වශයෙන් හෑල්ලුවට ලක් වූ සිදුවීමක් විය.

ඩේලිමිරර් වෙබ් අඩවියේ වාර්තාවට අනුව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී නිෂාරා ජයරත්න මහත්මිය ඔවුනට පවසා ඇති ආකාරයට නීතිපතිවරයා විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 450 (4) වගන්තිය අනුව ත්‍රි පුද්ගල මහාධීකරණයක් මේ සඳහා පත් කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා ඇත්තේ මහජන යහපත හා ජාත්‍යන්තර ආයාචනයන්ද සැළකිල්ලට ගෙනය.

Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.