English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
“බන්ධනාගාරය තුල සිරකරුවා මෙන්ම නිලධාරියාද වින්දිතයෙක්” - වෛද්‍ය තාරක ප්‍රනාන්දු
(2019-08-09)

<< Go Back
Share |   


“බන්ධනාගාරය තුල සිරකරුවා මෙන්ම නිලධාරියාද වින්දිතයෙක්” - වෛද්‍ය තාරක ප්‍රනාන්දු

බන්ධනාගාරය තුල සිදුවන සිදුවිම් දෙස බැලු විට පෙනී යන්නේ සිරකරුවා මෙන්ම බන්ධනාගාර නිලධාරියාද මානසික පීඩාවට පත්ව වින්දිතයෙකු වී ඇති බව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය වෛද්‍යාතනයේ  අධිකරණ මනෝ විද්‍යාව සම්බන්ධ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි වෛද්‍ය තාරක ප්‍රනාන්දු මහතා පවසයි.

දරා ගැනිමට නොහැකි සිරකරුවන් පිරිසක් බන්ධනාගාර ගතව සිටිමත්, බන්ධනාගාර නිලධාරි හිඟයත්, පුහුණු සම්බන්ධයෙන් ඇති ගැටළු නිසාත් මෙම දෙපාර්ශවයම මානසික පිඩාවට ලක්ව ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

මේ නිසා බන්ධනාගාර නිලධාරින්, සුබසාධක නිලධාරින් හා සිරකරුවන් අතර ගැටුම් ඇතිවීම සිදු වෙන බවත්, එහෙයින් සිරකරුවාගේ මානසිකත්වය ඉහළ නැංවිමට සමගාමිව බන්ධනාගර නිලධාරියාගේ මානසික මට්ටමද ඉහළ නැංවිය යුතු බවත් වෛද්‍ය තාරක ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.

වීඩියෝව පහතින්...



-ශානිකා මාධවී-


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.