English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
දේශපාලන පළිගැනීමක් කියූ විශේෂ මහාධිකරණයෙන්, ගාමිණී සෙනරත් නිදහස්.
(2019-08-08)

<< Go Back
Share |   



දේශපාලන පළිගැනීමක් කියූ විශේෂ මහාධිකරණයෙන්, ගාමිණී සෙනරත් නිදහස්.

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී හා ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ගාමිණී සෙනරත් මහතාට විරුද්ධව නීතිපතිවරයා විශේෂ ත්‍රිපුද්ගල මහාධීකරණයේ පැවරූ නඩුවේ තීන්දුව විනිසුරු මණ්ඩලය අද දින ප්‍රකාශයට පත් කරමින් ඒ මහතා එකී චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

ගාමිණි සෙනරත් මහතාට අමතරව අනෙක් විත්තිකරුවන් වූ පියදාස කුඩාබාලගේ හා ලසන්ත බණ්ඩාර යන අයද නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න, හා චම්පා ජානකී රාජරත්න යන ගරු විනිසුරු මණ්ඩලය තීරණය කලේ පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට අපොහොසත් වී ඇති බවයි.

මෙම චෝදනාවට අදාළව මෙම විත්තිකරුවන්ට එරෙහිව පසුගිය වසරේදී විශේෂ මහාධිකරණයේදී නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරන ලදී. මෙම චෝදනා ගොනු කිරීමේදීද, මෙම විශේෂ ත්‍රිපුද්ගල මහාධීකරණය පිහිටුවන විටද, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද ඔහුගේ දේශපාලන කඳවුරේ කණ්ඩායම් මෙම විශේෂ මහාධිකරණය දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළීගැනීමට හා ඔවුන් මර්ධනය කිරීමට පිහිටුවන්නක් බවට විශාල ඝෝෂාවක් ඇති කළහ. පාර්ලිමේන්තුවේදී පවා මෙම පනතට එරෙහිව විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට රාජපක්ෂ ඇතුළු පිරිස කටයුතු කළේය.

ගාමිණී සෙනරත් මහතා පිළිගැනීමට රාජපක්ෂ දේශපාලන කඳවුරේ විශාල පිරිසක් අධිකරණය අසළට පැමිණ සිටි අතර ඔවුන් මෙම විශේෂ මහාධිකරණය පිහිටුවන අවස්ථාවේ කරන ලද විවේචන ඔවුන් අමතක කර අධිකරණයට ස්තූතිවන්ත වනු දැකිය හැකි විය.

- දුලාන් දසනායක-







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.