English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
අන්තර්ජාතික සමථකරණ එකඟත්වයට පත් වීමේ ගිවිසුමට ශ්‍රි ලංකාව අත්සන් තැබේ.
(2019-08-08)

<< Go Back
Share |   


අන්තර්ජාතික සමථකරණ එකඟත්වයට පත් වීමේ ගිවිසුමට ශ්‍රි ලංකාව අත්සන් තැබේ.

එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික සම්මුතියක් වන අන්තර්ජාතික සමථකරණය මගින් එකඟත්වයට පත් වීම පිලිබඳව වු ගිවිසුමට ශ්‍රි ලංකාව වෙනුවෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය විසින් සිංගප්පුරුවේදි ඊයේ 07 අත්සන් තබා තිබේ.

සමථකරණය පිලිබඳ ශ්‍රි ලංකාව අන්තර් ජාතික වශයෙන් පිලිගත් ක්‍රමවේදයක් සහිත රටක් වන අතර, සමථකරණයන්හි බලාත්මකභාවය අන්තර්ජාතික පිලිබඳව ඇතිව තිබු අවිශ්වාසය සහගත බව දුරු කිරිමට මෙම ගිවිසුම හරහා හැකි බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

මෙම ගිවිසුමට අත්සන් තැබීමත් සමගින් රටවල් දෙකක් අතර ඇති වන වාණිජ ගිවිසුම් වලදි ඇති වු ආරවුල් සමථකරණය හරහා විසඳා ගැනිමටත්, එය අධිකරණ ක්‍රියා මාර්ගයක් තුලින් බලාත්මක කර ගැනිමටත් මෙම සම්මුතිය මගින් හැකි වේ.

මෙම අන්තර් ජාතික ගිවිසුම අත්සන් තැබිමත් සමග මෙරට ව්‍යාපාර කටයුතු කිරිම සඳහා විදේශිය ආයෝජකයින් යොමු වන අතර එ තුලින් මෙරට ආර්ථිකයටද විශාල ශක්තියක් ලැබේ.

එක්සත් ජාතින්ගේ ජාත්‍යන්තර වෙළඳ නීතිය පිලිබඳ කොමිසම හා සිගප්පුරුවේ නීති කටයුතු අමාත්‍යාංශය විසින් සිංගප්පුරු සම්මුතිය යන මැයෙන් ඊයේ හා පෙරේදා යන දෙදින තුල සමුලුවක් සිගප්පුරුව ෂැංග්‍රිලා හෝටලයේදි පැවැත්විණි.එහිදි මෙම ගිවිසුමට අත්සන් තබා ඇත.

-ශානිකා මාධවී-


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.