English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
ප‍්‍රමාද වී ලැබුණු යුක්තිය.....
(2019-08-07)

<< Go Back
Share |   



ප‍්‍රමාද වී ලැබුණු යුක්තිය....

අප රටේ අධිකරණ ක‍්‍රමයේ හා අපරාධ පරීක්ෂණ ක‍්‍රමවේදයේ ඇති ගැටලූත්, අපරාධ පරීක්ෂණයේ යෙදෙන සමහර නිලධාරීන්ගේ මානසික මට්ටම් පිළිබදවත් අත්දැකීම් සම්භාරයක් එක්කළ සිද්ධියක් ලෙස ජෙරාඞ් පෙරේරා සිද්ධිය නම් කළ හැක. මෙම සිද්ධියේ දී දිස්ති‍්‍රක් උසාවිය හැර ශී‍්‍ර ලංකාවේ අධිකරණ පද්දධියේ ඇති අනෙක් සෑම උසාවියකම මෙම සිද්ධියට අදාල නඩු අවුරුදු 17ක් තිස්සේ විභාග විය.

2002 වර්ෂයේ ජුනි මස 03 වෙනි දින වත්තල පොලිසිය විසින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන කෲර වදහිංසනයට ලක් කිරිමෙන් අනතුරුව, එසේ වදහිංසනය කරනු ලැබූ පොලිස් නිලධාරියෙකු සම්බන්ධ වී කළ සැලසුමකට අනුව, 2004 නොවැම්බර් 21 ක් වෙනි දින වෙඩි තබා ඝාතනය කෙරුණු වත්තල පදිංචිව සිටි කොළඹ ඩොක්කෙයාඞ් ආයතනයේ සේවයක කළ තිදරු පියෙකු වූ ජෙරාඞ් මර්වින් පෙරේරා මහතාට වදහිංසා කිරීම සම්බන්ධව මීගමුව මහාධිකරණයේ පැවති අවසාන නඩුවත් පසුගිය ජුනි 28 වනදා අවසන් විය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් 2002 වසරේ දීපැවරුණු මූලික අයිතිවාසිකම් නඩුවෙන් රු. 1,500,000, වන්දියක් හිමි වූ අතර, 1994 අංක 22 දරණ වදහිංසා වැලැක්වීමේ පනත යටතේ 2003 වසරේ දී පැවරුණු නඩුව හා ජෙරාඞ් මහමගදී ඝාතණය කිරීම සම්බන්දව 2004 වසරේ දී පැවරුනු මීනීමරුම් නඩුව යන නඩු තුනම ජයග‍්‍රහණයෙන් කෙලවර විය. මින් මීනීමරුම් චෝදනාවට වදරකරුවු පොලිස් නිලධාරීයාටත්, ඔහුගේ සහාකයාටත් මරණිය දණ්ඩනය හිමි වූ අතර, ඔහුට වදහිංසා කිරීම සම්බන්ධව නඩුවේ විත්තිකරුවන් වූ පොලිස් නිලධාරීන් දෙදෙනාට වසර 10ක දඩුවම් හා රු.50,000 බැගින් වු දඩයකට ලක්කරනු ලැබීය.

රට තුළ මෙන්ම ජාත්‍යන්තර තලයේ ද විශාල කතාබහකට ලක් වූ මෙම සිද්ධිය හරහා අපට කියා දුන් පාඩම් හරහා නැවතත් මෙවැනි සිදුවීමක් තවත් තැනැත්තෙකුට අත් නොවීමට අවශ්‍ය පියවර ගැනීම සදහා මේ පිිළිබදව ගැඹුරින් සාකච්ඡුා කෙරෙන මහජන මන්ත‍්‍රණ සභාවක් අද (7) සවස 3ට, කොළඹ 07, ලයිට් හවුස් ශ‍්‍රවණාගාරයේ දී පැවැත් වේ.

වදහිංසාවට එරෙහි ශී‍්‍ර ලංකික එකමුතුව හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරනු ලබන මෙම මහජන මන්ත‍්‍රණ සභාව සදහා ජේෂ්ඨ නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු, ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු, ජේෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශපි‍්‍රය, පිලිප් දිසානායක යන අදහ අදහස් දැක්වීමට නියමිතය.
 
මෙම සිද්ධිය පිළිබදව නීතිඥ උපේන්ද‍්‍රා ගුණසේකර මෙනවිය විසින් රචිත 2015 මුද්‍රණය කරනු ලැබූ ප‍්‍රමාද වී ලැබුණු යුක්තිය කෘතියේ දෙවැනි මුද්‍රණය නව සංස්කරණයන් ද සමගින් එදින එලි දැක්වීමට නියමිතව තිබේ. මෙහි පිටපත් ලබා ගැනීම සදහා 011 2669100 (රෂ්මි) අමතන්න.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.